Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කසළ ශූන්‍ය ජාත්‍යන්තර දිනයේ පළමු සැමරුම හෙටට (30) යෙදී තිබේ.  තුර්කි රාජ්‍යයේ යෝජනාවක් මත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (United Nations General Assembly) විසින් 2022 දෙසැම්බර් මස 14 වන දිනට යෙදී තිබුණු එහි හැත්තෑ හත්වන සැසිවාරයේ දී මාර්තු මස 30 වන දිනය “කසළ ශූන්‍ය ජාත්‍යන්තර දිනය” (Zero Waste International Day) ලෙස නම් කරන ලදී.

ඒ අනුව “තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය” තවදුරටත් ශක්තිමත් කිරීමේ තවත් එක් පියවරක් ලෙස මෙම දිනය ප්‍රකාශයට පත්කර ඇති අතර සෑම වසරකම මාර්තු මස 30 වන දිනය “කසළ ශූන්‍ය ජාත්‍යන්තර දිනය” ලෙස සැමරීමට නියමිතය.

දේශගුණික විපර්යාස (CLIMATE CHANGE), ජෛව විවිධත්වය හා ස්වභාවධර්මය අහිමිවීම (BIODIVERSITY AND NATURE LOSS), සහ පරිසර දූෂණය (POLLUTION) යන ලෝකයට බලපා ඇති ප්‍රධානතම අර්බුද සඳහා කසළ හේතුවී තිබේ. කසළ ශූන්‍ය සංකල්පය වෙත පිවිසීම මගින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් සංවෘත චක්‍රීය ක්‍රියාවලියකට යොමු කළ හැකිය. එමගින් සම්පත් හැකිතාක් දුරට නැවත භාවිත කිරීමට යොමු කළ හැකිවනවා සේම එමගින් කසළ ජනනය සීමාවන අතරම සම්පත් අපතේයාම අවම වේ. මෙම ක්‍රියාවලිය තුළින් පස, ජලය සහ වාතය දූෂණය වීම අවම කළ හැකිය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Agency for International Development - USAID) සාගරයේ ප්ලාස්ටික් අඩු කිරීමේ ක්‍රියාකාරීත්වය (Ocean Plastic Reduction Activity)  සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව පරිසර අමාත්‍යාංශයේ උපදේශකත්වය යටතේ පළමු “කසළ ශූන්‍ය ජාත්‍යන්තර දිනයේ” ශ්‍රී ලංකාවේ සැමරුම් උලෙළ සංවිධාන කර ඇත.

2023 මාර්තු මාසයේ 30 වන දින උදේ 9.30ට බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ දී පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස තුර්කි තානාපතිනීි ආර්. ඩිමෙට් සෙකෙර්සියොග්ලූ (R. DemetSekercioglu) මහත්මිය සහභාගීවේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ආර්ථික වර්ධනය  පිළිබඳ කාර්යාලයේ  අධ්‍යක්‍ෂ  ක්‍රිස්ටෝපර්  පවර්ස්  මහතා  (ChristopherPowers), පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, මධ්‍යම පරිසර  අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා  සහ  මධ්‍යම  පරිසර  අධිකාරියේ  අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා යන සම්භාවනීය ආරාධිත අමුත්තන් කසළ ශූන්‍ය ජාත්‍යන්තර දින පළමු සැමරුම් උත්සවයට සහභාගීවීමට නියමිතය.

මෙම අවස්ථාවට රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, අධ්‍යාපනික ආයතන සහ සිවිල් සමාජ නියෝජනය කරමින් 150ක පමණ පිරිසක් සහභාගීවේ. මෙහිදී, සමාරම්භක උත්සවයෙන් පසු ආරාධිත අමුත්තන් සහ ක්‍ෂේත්‍රයේ විශේෂඥ දැනුම සහිත පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් තාක්ෂණික සැසියක් සහ සාකච්ඡා සැසියක් පවත්වමින් කසළ ශුන්‍ය කිරීමේ ප්‍රතිලාභ සහ ඒ සඳහා ගෙන ඇති හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැමිණ සිටින සියලු දෙනා සමඟ දැනුම බෙදා ගැනීමට කටයුතු සූදානම් කර ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.