කොරෝනා ආසාදිත මුවන් ඇමෙරිකාවෙන් හමුවෙයි
- 2021-08-28 12:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකා එක්සත් ජනපදය ලොව ප්‍රථම වරට මුවන් තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ඇති අතර, මේ සමග වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ සතුන්ගේ ලැයිස්තුව පුළුල් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඔහියෝ ප්‍රාන්තයේ වල් සුදු වලිග ඇති මුවන් තුළ කොවිඩ්-19 ඇති කරන SARS-CoV-2 වෛරසය ආසාදනය වී ඇති බවත්, එහෙත් එම මුවන් තුළ ආසාදන ලක්‍ෂණ පෙන්නුම් කළ බවට වාර්තා වී නැති බවත් පැවසීය.
"මුවන් SARS-CoV-2 වෛරසයට නිරාවරණය වූයේ කෙසේදැයි අප දන්නේ නැහැ" කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රකාශක ලින්ඩ්සේ කෝල් සඳහන් කළේය. "ඔවුන් මිනිසුන්ට, පරිසරයට, වෙනත් මුවන් හෝ වෙනත් සත්ත්ව විශේෂයක් හරහා වෛරසයට නිරාවරණය වීමට ඉඩ තිබෙනවා."
එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් බල්ලන්, බළලුන්, කොටින්, සිංහයන්, හිම දිවියන්, ඔටර්, ගෝරිල්ලන් සහ මින්ක් ආදී සතුන් තුළ මීට පෙර කොවිඩ්-19 වාර්තා කර ඇත. එම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව, ලොව පුරා බොහෝ සත්ත්ව ආසාදන වාර්තා වී ඇත්තේ කොවිඩ්-19 සහිත පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ විශේෂයන්ගෙනි.
Reply To:
Name - Reply Comment
0 Comments