Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජනවාරි 8 සිට චීනයට පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් නිරෝධායනය කිරීමට අවශ්‍ය නොවන බව චීනය ඊයේ ප්‍රකාශ කළේය.

චීනය මේ මාසයේ  සිට කොවිඩ් සීමා ලිහිල් කිරීමට කටයුතු කළ අතර මේ අනුව සිය ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය යටතේ වසර තුනකට ආසන්න කාලයක් පනවා තිබූ වඩාත්ම සීමාකාරී පියවරයන්ගෙන් වැඩි ප්‍රමාණයක් වෙනස් කිරිමට චීනය කටයුතු කළේය.

2020 මාර්තු මාසයේ සිට, ප්‍රධාන භූමියට පැමිණෙන සංචාරකයින්ට සාමාන්‍යයෙන් නම් කරන ලද හෝටලයක සහ දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බවට නීතියක් පැනවීය.

මෙම ලිහිල් කිරීම්වලට සමගාමීව ජනවාරි 8 වනදා සිට කොවිඩ් රෝගීන්ගේ සමීප සම්බන්ධතා නිරීක්ෂණය කිරීම නැවැත්වීමටත්, කොවිඩ් අවදානම් ප්‍රදේශ නම් කිරීම නැවැත්වීමටත්, භාණ්ඩ ආනයනය මන්දගාමී කළ කොවිඩ් පියවර අවලංගු කිරීමටත් චීන සෞඛ්‍ය කොමිෂම කටයුතු කර තිබේ.

කොමිසම පැවසුවේ චීනයට යන සංචාරකයින්ට අවශ්‍ය වන්නේ පසුගිය පැය 48 තුළ ඍණාත්මක කොවිඩ් පරීක්ෂණයකි. එසේම ගුවන් යානයේ සිටියදී මගීන්ට මුහුණු ආවරණයක් පැළඳිය යුතු බව නිවේදනයේ දැක්වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.