චීනයෙන් යළිත් මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුමක්
- 2022-11-22 11:48:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ෂෙන්ෂෝ-15 අභ්‍යවකාශ යානයේ සහ ලෝන්ග් මාර්ච්-2F රොකට්ටුවක එකතුවක් දියත් කරන නවතම මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම නුදුරු අනාගතයේදී දියත් කෙරෙන බව චීනය පවසයි.
මේ වනවිටත් දියත් කරන ස්ථානයේ ඇති පහසුකම් සහ උපකරණ හොඳ තත්ත්වයේ පවතින අතර, සැලසුම් කළ පරිදි විවිධ පූර්ව දියත් කිරීමේ ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීම් සහ ඒකාබද්ධ පරීක්ෂණ සිදු කෙරෙනු ඇති බව චීන අභ්‍යවකාශ නියෝජිතයන් පවසයි.
ෂෙන්ෂෝ-15 මෙහෙයුමේදී චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීම සඳහා චීන ගගනගාමීන් තිදෙනෙකු රැගෙන යනු ඇති අතර, ඔවුන් දැනටමත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය සමග කෙටි කලකට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිනු ඇත.
ඒ අනුව, මූලික මොඩියුලය සහ රසායනාගාර මොඩියුල දෙකක් කක්ෂයේ ක්‍රියාත්මක වන බැවින් චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම් වසර අවසන් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
Reply To:
Name - Reply Comment
0 Comments