චීනයේ කොවිඩ් නැගිටීමක්

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 01:21 - {{hitsCtrl.values.hits}}  

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ව්‍යාප්තවීමත් සමග චීනය තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. අඟහරුවාදා දිනයේදී චීනයෙන් කොවිඩ් ආසාදිතයන් 3500කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර එය වසර දෙකක් තුළ වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.

මේ සමගම කොවිඩ් පාලනය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ඇතැම් නගරවලට ලොක්ඩවුන් සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරයි. දැනට වේගවත් කොවිඩ් ව්‍යාප්තියක් ඇති බවට හඳුනාගෙන ඇති ජිලින් පළාත ලොක්ඩවුන් කර ඇති අතර එහි ජනතාවට ගමනාගමනය තහනම් කර තිබේ.

මීට අමතරව ෂෙන්සෙන්ද ලොක්ඩවුන් සීමා යටතට පත්කර තිබේ. චීන සෞඛ්‍ය අංශ කොවිඩ් පරීක්ෂා කිරීම් වෙගවත් කර ඇති තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වෙතැයි ඔවුන් අපේක්ෂා කරයි.මේ අතරම එන්නත්කරණය කඩිනම් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

කොවිඩ් රෝගීන් මුලින්ම චීනයෙ හුබෙයි පළාතේ වූහාන් නුවරින් වාර්තා විය. කෙසේ වෙතත් එම වෛරසය සාර්ථකව පාලනය කිරීමට චීනය සමත්විය.

දින පොත