දෙහිවල හේලි සමුගනියි
- 2023-12-09 15:14:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්වයින් දෙදෙනාගෙන් වයස (35 ) ක් වූ " හේලි " නම් ගැහැණු සත්වයා (07) වන දින පස්වරුවේ පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන අතරතුර හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය .
මෙම සත්වයා පසුගිය දිනවල කකුලේ විශාල තුවාලයක් සෑදී ඇවිද ගැනීමත් අසීරුවෙන් ගමන් කරමින් නිතර වැතිර සිටිනු දක්නට ලැබු බවත් සේවකයින් කියා සිටී .
ඒ අනුව ඉකුත් (07) වනදින සවස සත්වයාගේ කකුලට ප්‍රතිකාර කිරීම සදහා පශු වෛද්‍ය වරුන් සත්වයා නිරිවන්දනය සදහා ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරු සත්වයා බිම වැතිර ඇති අතර ප්‍රතිකාර වලින් පසු ප්‍රකෘති සිහිය ගැනීමට අපහසුවීම නිසා සත්වයා මිය ගොස් ඇත.
දෙහිවල එච් එම් ධර්මපාල
Reply To:
Name - Reply Comment
0 Comments