දෙහිවලින් එළියට එන අමුත්තෝ
- 2025-03-25 16:31:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉකුත් පෙබරවාරි මස 10 වන දින හිමාලයානු දුඹුරු වලසුන් (Himalayan Brown Bears ) හා මියර් කැටි - Meerkat සතුන් යුවල 3 ක් දෙහිවල සත්වෝද්‍යානයට ද , ස්පොට්ටෙඩ් හයිනා යුවලක් (Spotted Hyena ) හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට ද රැගෙන එනූ ලැබීය.
මෙලෙස රැගෙන එනු ලැබූ සතුන් මසකට අධික නිරෝධායන කාලයකින් පසුව හිමාලයානු දුඹුරු වලසුන් (Himalayan Brown Bear ) දෙහිවල සත්වෝද්‍යාන අරණට ද , ස්පොට්ටෙඩ් හයිනා යුවල හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට නිදහස් කිරීම හා මහජන ප්‍රදර්ශනයට ඊයේ 25 සිට ඉදිරිපත් කිරීමට නියමිත බැව් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් පශූ වෛද්‍ය ආර් . සී.රාජපක්ෂ මහතා පැවසීය.
ඒ අනුව මෙම දුඹුරු වලසුන් (Himalayan Brown Bears ) වැඩි ව්‍යාප්තියක් හිමාලය කදුවැටිය , උතුරු ඉන්දියාව , චීනය , ටිබෙටය , නේපාලය යන රටවල වැඩි වශයෙන් දැකිය හැකි බවත්, එම ආහාර රටාවම මෙරටදී ද ලබාදීම නිසා මාසයකට අධික කාලයක් ඉතාමත් නිරෝගීව සිටීම නිසා මෙලෙස මහජන ප්‍රදර්ශනයට යොමු කරනු ලබන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිිකා මානවඩු මෙනවිය පැවසීය.
ස්පොටෙඩ් හයිනා (Spotted Hyena ) යුවළක් රැගෙන විත් ඇතිි අතර නිරෝධායනයෙන් පසුව මෙම සතුන් හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ නරඹන්නන් සදහා ඊයේ 25 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බැව්ද නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මෙනවිය පැවසීය .
රංචු වශයෙන් ජීවත්වන මෙම සතුන්ගෙ නිජබිම ලෙස අප්‍රිකාවේ හවානා තණබිම් හෝ කදු ආශ්‍රිත කෑලෑබද , ප්‍රදේශයන්හි ජීවත්වන සත්වයෙකි.
දෙහිවල- එච්.එම්. ධර්මපාල
Reply To:
Name - Reply Comment
0 Comments