නිපුණතා සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා - ජනපති
- 2021-01-16 15:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වේගවත් සංවර්ධනයකට සහ කෙටි කලක් තුළ අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය දැනටමත් සකසා අවසන් බව ජනාධිපතිවරයා කියා සිටී.
මීගමුවේ පිහිටි, 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ ඊයේ (15) පස්වරුවේ පැවති උපාධි පාඨමාලා ලියාපදිංචියේ සමාරම්භක නිල උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
21 වන සියවසේ ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ 16 වැනි බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමන්ට උපහාර පිණිස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ සංකල්පයක් අනුව BCI උසස් අධ්‍යාපන ආයතනය 2015 වසරේදී ආරම්භ කෙරිණ.
BCI ආයතනය මිනුවන්ගොඩ පාරේ බෝලවලානේ පිහිටි ශ්‍රී ලංකා ගුරු අභ්‍යාස විදුහල් භූමියේ ස්ථාපනය කර තිබේ. පසුගිය වසර 06 තුළ සිසුන් 17,200කට අධික සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණ සහ වෘත්තීය පාඨමාලා හදාරා ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් පිළිගනු ලබන උපාධි ප්‍රදානය කරන ආයතනයක් බවට පත්වීමත් සමග ඉංග්‍රීසි මාධ්‍ය ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිය (Bachelor of Business Management (BSc.) Hons) සහ තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය (Bachelor of Information Technology (BSc.) Hons හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමි වේ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශිෂ්ට ප්‍රමිතියකට නැංවීමට ඉහළ ප්‍රමුඛත්වයක් දීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ සඳහා සියලුම විශ්ව විද්‍යාල “සුහුරු විශ්ව විද්‍යාල” බවට පරිවර්තනය කරමින් තාක්ෂණික දැනුමෙන් පිරි අනාගත පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා පෙන්වා දුන්නේය.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ තාක්ෂණික දැනුමෙන් සහ සාරධර්මවලින් පිරිපුන් හා නිවැරදි චින්තනයකින් සන්නද්ධ පරපුරක් අනාගතයට දායාද කරමින් BCI කැම්පස් අත්කරගෙන ඇති ප්‍රගතිය ජනාධිපතිගේ පැසසුමට ලක් විය.
“ව්‍යාපාරික සහ තොරතුරු තාක්ෂණයෙන් අනාගතය” මාතෘකා කොටගත් දේශනය මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා විසින් කරනු ලැබිණ. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ BCI කැම්පස් ඉදිරි ගමන් මග පිළිබඳව සිය දේශනයේ දී පැහැදිළි කළහ.
උපාධි අපේක්ෂක පළමු ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කරන සිසුන් පිරිසකට ලියාපදිංචි ලිපි ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.
BCI කැම්පස් වෙනුවෙන් දැක්වූ අනුග්‍රහය අගයමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූහ.උත්සව සභාවෙන් අනතුරුව ජනාධිපතිවරයා, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සහ අධ්‍යාපන අමාත්‍යවරයා ආයතන පරිශ්‍රයේ සඳුන් පැළ 03 ක් රෝපණය කළහ.
ඉදිකෙරෙමින් පවතින BCI කැම්පස් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක් වූහ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලන්සා, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්ම මහත්මීහු, BCI කැම්පස් අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments