Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නැගෙනහිර අප්‍රිකාවේ සෝමාලියාව සහ කෙන්යාවට පළගැටියන් විශාල වශයෙන් පැතිරගොස් ඇත. මේ හේතුවෙන් සෝමාලියානු රජය ජාතික හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇත. එරටේ ආහාර සුරක්ෂිතබවට මෙම පළගැටි උවදුර බලවත් තර්ජනයක් වී ඇතැයි සෝමාලියානු කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේය. “මේ පළගැටි උවදුර නිසා මිනිස්සුන්ට ආහාර ලබාගැනීමේ අවශ්‍යතාව පත්වෙලා තියෙන්නේ අනතුරුදායක මට්ටමකටයි. මේ පළගැටියන් කාන්තාර ආශ්‍රිතව ඉන්න අය. උන් විශාලයි. ඒවගේම අස්වැන්න විශාල වශයෙන් හානි කරනවා ” යැයිද එම නිවේදනයේ සඳහන් කර තිබිණි. අප්‍රේල් මාසයේදී අස්වනු නෙළීමට පෙර පළගැටි උවදුරින් සෝමාලියාව ගලවාගැනීම සඳහා අවධානය යොමුකරන බවද ඔවුන් සඳහන් කර ඇත.

නැගෙනහිර අප්‍රිකාවේ  ප්‍රාදේශීය ආහාර සුරක්ෂිත සංවිධාන පවසන්නේ මේ වනවිටත් මිලියන 19කට අධික පිරිසක් ආහාර අහේනියකින් පීඩා විඳීම හේතුවෙන් පළගැටි උවදුරින් ඔවුන් තවදුරටත් අසරණ වන බවයි. වසර 25කින් පසු සිදු වූ නරකම සිදුවීම මෙය බව ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පවසයි. 1900 දශකයේ අවස්ථා 6කදී පළගැටි උවදුරු වාර්තා වූ අතර, අවසාන වශයෙන් එය 2003-05 වසර වලදී වාර්තා විය.

(අල්ජසීරා ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

Swarms of desert locusts fly up into the air from crops in Katitika village, Kitui county, Kenya Friday, Jan. 24, 2020. Desert locusts have swarmed into Kenya by the hundreds of millions from Somalia and Ethiopia, countries that haven't seen such numbers in a quarter-century, destroying farmland and threatening an already vulnerable region. (AP Photo/Ben Curtis)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.