Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට මිරිදිය මසුන් හා ශාක පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක සකස් කර අවසන්.

තවත් රතු දත්ත ලැයිස්තු 11 ක් සකස් කරමින් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ කොරියා තානාපති සංතුෂ් වූන්ජින් ජියෝන් මහතා හමු වූ අවස්ථාවේදීයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ.

ලබන 6 හා 7 යන දිනයන්හි කොරියාවේ පැවැත්වෙන ජගත් පාරිසරික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි මෙම හමුව පැවැත්වුණේ.

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසර සුරක්ෂිතතාවට ප්‍රමුඛතාව දෙමින් රතු දත්ත ලැයිස්තු සකස් කිරීම අගය කරන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

සියලු රතු දත්ත ලැයිස්තු සකස් කර අවසන් කිරීමෙන් අනතුරුව සමස්ත රතු දත්ත පොත ලබන වසරේ මුල් සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

දැනට සකස් කර ඇති රතු දත්ත ලැයිස්තුව අමාත්‍යවරයා තානාපතිවරයා වෙත මෙහිදී පිළිගැන්වූවා.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.