2025 මැයි මස 01 ප.ව. 07:45 - {{hitsCtrl.values.hits}}
එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් මෙම දශකය පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ දශකය ලෙස නම් කර ඇති බව පරිසර අමාත්‍යාංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ සදහා පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති අතර ඊට අදාළව සංවේදී පරිසර කළාප හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.
මානෑව, ගඟේවාඩිය, එළුවන්කුලම හා ගල්නෑව යන ප්‍රදේශ මේ වනවිට සංවේදී පරිසර කළාප ලෙස හඳුනාගෙන තිබේ.
“සුරකිමු ගංගා වැඩසටහන“ යටතේ මැණික් ගඟ සංරක්ෂණය මගින් එම ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂාවීම මෙන්ම කැලණි ගඟ සීතාවක සිට පෑලියගොඩ දක්වා ප්‍රදේශය විශේෂ පරිසර සංරක්ෂණ කළාපයක් වශයෙන් නම් කර එම කළාපය සංවර්ධනය කිරීමට නියමිත බව පරිසර අමාත්‍යාංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
![]() |
diary Read more... |