යක්ෂයාගේ වල්ගාතරුව දැක ගැනීමට ශ්‍රී ලාකිංකයන්ටත් අවස්ථාවක්

2024 මැයි මස 01 ප.ව. 05:43 - {{hitsCtrl.values.hits}}  

අද (08දා) දිනයේදී අහසේ දර්ශනය වීමට නියමිත 'යක්ෂයාගේ වල්ගාතරුව' දැක බලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන් වෙත උදා වන බව තාරකා විද්‍යාඥයෝ පවසති. 12P/Pons-Brooks යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම වල්ගාතරුව වසර 71කට පසුව මෙලෙස පෘථිවිය පසුකරමින් යයි.

සැතපුම් 18.6ක පළලක් සහිත ඉතා විශාල වල්ගාතරුවක් වන මෙහි ඇති 'අඟ' දෙකක් වැනි පෙනුම නිසා එයට යක්ෂයාගේ වල්ගාතරුව යන නම ලබා දී තිබේ. මෙම වල්ගාතරුව අයිස් සහ වායුව එකතුවෙන් සැකසී ඇති බවත්,  එහි කලින් කලට පිපිරීම් සිදුවන බවත් හඳුනාගෙන ඇත.

ක්‍රි.ව. 1300 දී පමණ චීන තාරකාවිද්‍යාඥයන් පිරිසකට පළමුවරට මෙම වල්ගාතරුව නිරීක්ෂණය වී තිබේ. පසුව 19 වැනි සියවසේදී ප්‍රංශ තාරකාවිද්‍යාඥයෙකු වන ජීන්-ලුයිස් පොන්ස් විසින් නිල වශයෙන් මෙම වල්ගාතරුව හඳුනා ගත් අතර, 1883 දී බ්‍රිතාන්‍ය ඇමෙරිකානු තාරකාවිද්‍යාඥයෙකු වූ විලියම් බෘක්ස් යළිත් එය සොයා ගත්තේය. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ නම් එකතු කරමින් මෙම වල්ගාතරුවට 12P/Pons-Brooks යන නම ලබා දී තිබේ.

නාසා ආයතනයටඅනුව‘‘යක්ෂයාගේ වල්ගා තරුව අද ‘‘ (8දා) බ්‍රහස්පති ග්‍රහයා ආසන්නයට පැමිණීමක් සිදු වන අතර එහිදි වැඩි දීප්තිමත් බවක් නිරීක්ෂණය කළ හැකිය. එසේම අද දිනයේදී උතුරු ඇමෙරිකානු කලාපයේ සිදුවීමට නියමිත සූර්යග්‍රහණය සම්පූර්ණ අවධියට හෙවත් පූර්ණ සූර්යග්‍රහණය අතරතුර අහස කළු පැහැයට හැරෙන අවස්ථාවේ තරු කිහිපයක්, ග්‍රහලෝක හයක් සහ මෙම විශේෂ ආගන්තුකයා වන ‘‘යක්ෂයාගේ වල්ගා තරුව‘ දෘශ්‍යමාන වීමටද නියමිතව ඇතැයි පැවසෙයි.

මේ අතර, ‘‘යක්ෂයාගේ වල්ගා තරුව අප්‍රේල් 10වන දින ‘‘ චන්ද්‍රයාට යටින් ස්ථානගත වන අතර, එම දිනය එය නැරඹීමට සුදුසුම දිනය ලෙසද නාසා ආයතනය සඳහන් කර සිටියි.

දින පොත