Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව දරුණුතම ආක්‍රමණික ආගන්තුක විශේෂ 100ට ඇතුළත් යෝධ නිදිකුම්බා (Giant Mimosa / Giant Sensitive Plant) මෙරට පරිසර පද්ධතිය ඉතා හානිකර ලෙස ආක්‍රමණය කර ඇති බවට මේ වන විට හඳුනාගෙන තිබේ.

Mimosa pigra යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙය,

මහවැලි ගඟේ තැන්නෙකුඹුර ප්‍රදේශයෙන් 1997 වර්ෂයේදී මෙරටින් මුල් වරට වාර්තා කර තිබූ අතර, මහවැලි ගඟෙන් ලබා ගන්නා වැලි ඔස්සේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ වන විට පැතිර ගොස් ඇත.

ඒ අනුව මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමක නිරත වූ ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ,

“මේ වන විට දශක 02ක කාලයක් පුරා යෝධ නිදිකුම්බා ශාකය කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් හමුවනවා වැලි මගින් ප්‍රචාරණය වීමෙන්.

මේ ශාක ඝනව වර්ධනය වී ප්‍රදේශයක් මුළුමනින් වසා ගන්නවා. ඒ නිසාම ජල මාර්ගවල වර්ධනය වී රොන් මඩ සහ ශාක කොටස් රඳවා ගැනීම නිසා ජල මාර්ග අවහිර වීමට සහ ගොඩ වී යාමට හේතු කාරකයක් වනවා. මේවායෙහි තිබෙන අධික කටු නිසා ඒවා උගුල්ලා දැමීම වැනි ක්‍රමවලින් ඉවත් කිරීම දුෂ්කරයි. ඒ වගේම මෙහි බීජ සහිත ඵලයේ කොටස් ජලයේ පාවෙන බැවින් ජලය ඔස්සේත් ව්‍යාප්ත වනවා.

තෙත් බිම්වල බොහෝ විට හමුවෙන යෝධ නිදිකුම්බා ශාකය රනිල ශාකයක්. නයිට්‍රජන් අඩු බොහෝ පරිසර තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව නිසාම ශාකය වේගයෙන් වර්ධනය වී මාස 04ක් ගත වන විට මල් දරනවා. මල් පොහොට්ටු අවස්ථාවේ සිට බීජ පරිණත වීම තෙක් කාලය් සති 05ක් පමණ වනවා.

මේ වන විට යෝධ නිදිකුම්බා ලෝකයේ තිබෙන දරුණුතම ආක්‍රමණික ශාකයක් බවට පත්වී හමාරයි. වසර 2000 දී ලෝක සංරක්ෂණ සංගමය (IUCN) මගින් ප්‍රකාශිත ලෝකයේ දරුණුතම ආක්‍රමනික ආගන්තුක විශේෂ 100 තුළටත් මේ ශාකය ඇතුළත්” යනුවෙනි.

යෝධ නිදිකුම්බා ශාකය පඳුරක් හෝ කුඩා ගසක් මෙන් වර්ධනය වන අතර, පත්‍රිකා රාශියකින් යුත් සංයුක්ත පත්‍ර පිහිටයි. අතු සහ කඳ කටු සහිතය. රෝස පැහැ පුෂ්ප රවුම් පුෂ්ප මංජරියක සකස් වී තිබේ. කෙටි කරල සලාකිතයකි. එනම්, එය පරිණත වූ පසු කොටස්වලට වෙන් වන්නකි. මෙම ශාකය බොහෝ විට මීටර් 2-3 උස් පඳුරක් ලෙස වර්ධනය වනු දකින්නට ලැබුණද, එය මීටර් 6තෙක් උසකට වර්ධනය වේ.

යෝධ නිදිකුම්බාහි නිජබිම ඇමරිකානු මහාද්වීපයේ මැක්සිකෝ සිට මධ්‍යම ඇමරිකාව සහ ආජෙන්ටිනාව තෙක් ප්‍රදේශය වේ. කෙසේ වුවද

මේ වන විට එය, ඔස්ට්‍රේලියාවේ සහ පැසිෆික් දූපත්වල, අප්‍රිකාවේ උගන්ඩා, කෙන්යාව, මැඩගස්කර්, සැම්බියා මොසැම්බික්, දකුණු අප්‍රිකාව, ආසියාවේ කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල ඉතා කරදරකාරී සහ හානිකර ආක්‍රමණික ශාකයක් බවට පත්ව ඇති බව ආචාර්ය, ජගත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.