රතු දත්ත පොතට ගිය රතමිල්ල ශාකය දෙද්දූවෙන් හමුවෙයි

2024 මැයි මස 01 පෙ.ව. 03:18 - {{hitsCtrl.values.hits}}  

බෙන්තොට ගඟේ  දෙද්දුව කළපුව ආශ්‍රිතව දක්නට ලැබෙන දුර්ලභ කඩොලාන වර්ගයක් වන රතමිල්ල (Lumnitzera Littorea) ශාඛය සංරක්ෂණය කිරීමේ වැඩ සටහනක් ප්‍රථම වරට  එම ශාඛය වැවී ඇති දෙද්දුව කළපුවේ වාරිමාර්ග රක්ෂිතයේදී  පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති ආරක්ෂිත ශාඛයක් ලෙස රතු දත්ත පොතට ඇතුළත්ව තිබෙන රතමිල්ල ශාඛය බලපිටිය මාදු ගං රක්ෂිතයේ   හැරුණු විට මෑතකදී සොයා ගත් දෙවන ස්ථානය දෙද්දුව කළපුව ප්‍රදේශය බවත් එහි රතමිල්ල ශාඛ 200 ක් පමණ තිබෙන බවත්  වනජීවි දෙපාර්තමේන්තුවේ හික්කඩුව කාර්යාලයේ උද්‍යාන බාර නිලධාරී අසංක ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය .

 බ්‍රවුන්ස් හෝටල සමූහයේ අනුග්‍රහයෙන් වන  ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව  සහ වාරිමාර්ග  දෙපාර්තමේන්තුව මෙම සංරක්ෂණ කටයුතු සිදු කරයි.විදේශිකයන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ .

දින පොත