රාජ්‍ය සේවිකාවන්ට ගැලපෙන ඇඳුමකට ඉඩක්
- 2022-09-22 15:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින ආර්තික අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවිකාවන්ට ආයතනයට ගැලපෙන ලෙස සුදුසු ඇඳුමක් පැළඳගෙන ඒමට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
නිල ඇඳුම් හෝ නිල ඇඳුම් දීමනාවක් හිමි නොවන රාජ්‍ය සේවිකාවන්ට බලපැවැත්වෙන ලෙස මෙම චක්‍ර ලේඛය නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒහෙත් පාසල් ගුරුවරියන්ට බල නොපැවැත්වෙන ලෙස මෙම චක්‍ර ලේඛය නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
බොහෝ රාජ්‍ය ආයතන විසින් කාන්තාවන්ට සාරිය පැළඳගෙන රාජකාරියට වාර්තා කළ යුතු බවට උපදෙස් ලබාදිම සිදුකර තිබෙන අතර පවතින ආර්තික අර්බුදය හමුවේ සාරියක් මිලදී ගැනීමට විශාල මුදලක් වැයවන බවට රාජ්‍ය සේවිකාවෝ චෝදනා කරති.
මේ නිසා අදාළ ආයතනයට ගැලපෙන සුදුසු ඇඳුමක් පැළඳගෙන සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ රජයේ අවධානය යෙමුව තිබේ.
මේ අනුව සාරිය හෝ ඔසරිය හෝ ආයතනයට ගැළපෙන සුදුසු ඇඳුමක් පැළඳගෙන සේවයට වාර්තා කිරීමට හැකිවන ආකාරයට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට නියමිතව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments