Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ රැම්සා තෙත්බිම් සහ තෙත්බිම් උද්‍යාන පිළිබදව මෙරට පාසල් දරු දැරියන්දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ අරඹයි. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින බැද්දගාන තෙත් බිම් උද්‍යානය සහ කෝට්ටේ, කොටුබැම්ම තෙත් බිම් උද්‍යානය පාසල් දරු දැරියන්ට නොමිලේ නැරඹීමටද මේ යටතේ අවස්ථාව ලබා දී තිබේ.

රැම්සා තෙත්බිම් පරිසර පද්ධතිය පිළිබදව පාසල් දරු දැරියන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

මෙහි එක් පියවරක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල පරිසර නියමුවන් 100 කගේ සහභාගීත්වයෙන් මෙම තෙත්බිම් උද්‍යාන කේන්ද්‍ර කර ගනිමින් පරිසර නිරීක්ෂණ හා අධ්‍යයන වැඩසටහනක් ඊයේ (01) දින පැවැත්විණ. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විදුහල, නුගේගොඩ රෝයල් සර්වියස් විදුහල, කළුබෝවිල දකුණු කොළඹ ජාත්‍යන්තර පාසල යන පාසල්වල පරිසර නියමු සිසු සිසුවියන් මේ සදහා එක් විය. නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.

පරිසර නියමුවන් ප්‍රථමයෙන් බැද්දගාන තෙත් බිම් උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අතර පසුව ඔවුන් කෝට්ටේ,කොටුබැම්ම තෙත් බිම් උද්‍යානයට පැමිණ එහිදී අධ්‍යයන හා දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක් විය. මෙහිදී ඔවුන් කණ්ඩායම් ක්‍රියාකාරකම් වල ද නිරත විය. තෙත් බිම් සංරක්ෂණය, නාගරික තෙත්බිම්, රැම්සා තෙත්බිම්, තෙත්බිම්වල වෙසෙන සතුන් සහ ශාක වැනි විවිධ කරුණු පිළිබදව ඔවුන් දැනුවත් කෙරිණ.

මෙම පරිසර නියමුවන් සදහා “බැද්දගාන සොබා මිතුරෝ” සංගමයේ සාමාජිකත්වය ලබා දීම ද මෙහිදී සිදු කෙරිණ. 

ලෝකය පුරා තෙත්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා අන්තර්ජාතික වශයෙන් වැදගත් තෙත්බිම්, ජාත්‍යන්තර රැම්සා තෙත්බිම් ලෙස නම් කරනු ලබන්නේ රැම්සා සම්මුතිය විසිනි. රැම්සා සම්මුතිය මගින් ප්‍රකාශයට පත් කර ඇති අන්තර්ජාතික රැම්සා තෙත් බිම් ප්‍රමාණය 2,471 කි. රැම්සා සම්මුතිය විසින් ශ්‍රී ලංකාවේ තෙත් බිම් 6 ක් රැම්සා තෙත් බිම් ලෙස නම් කර තිබේ

. ඒ අනුව මෙරට රැම්සා තෙත්බිම් වන්නේ බුන්දල ජාතික වන උද්‍යානය, ආනවිලුන්දාව අභය භූමිය, බලපිටිය මාදුගඟ අභයභූමිය, මන්නාරම වාන්කලේ අභය භූමිය, කුමන අභය භූමිය සහ විල්පත්තුව ජාතික වන උද්‍යානයයි. මීට අමතරව රැම්සා සම්මුතිය මගින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ද නාගරික තෙත්බිම් කලාපයක් ලෙස 2018 වසරේදී ප්‍රකාශයට පත් කර තිබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.