රිදියගමට එක්වූ අමුත්තා

2024 අප්‍රේල් මස 26 ප.ව. 04:53 - {{hitsCtrl.values.hits}}  

රිදියගම සෆාරි උද්‍යානයේ ''ලාරා '' නැමති සිංහ ධේනුව බිහිකළ  පළමු සිංහ පැටවා වන ''ඩෝරා'' නමැති සිංහ පැටවා අද (18දා) සිට මහජන ප්‍රදර්ශනයට  තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

රිදියගම සෆාරි උද්‍යානයේ මේ වනවිට සිංහයින් 15 දෙනෙකු සිටින අතර ඉන්  රිදියගම සෆාරි උද්‍යානයේම ඉපදුන සිංහ පැටවූ 08 දෙනෙකු සිටි.

මෙසේ ඉපදුනු සිංහ පැටවුන්ගෙන්''සහරා'' නමැති සිංහ දේනුව බිහිකළ සිංහ පැටවා හා 'ලාරා '' නැමති සිංහ ධේනුව බිහිකළ සිංහ පැටවා හට සිංහ ධෙනුව විසින් ටික දිනකින් කිරි දීමෙන් වැලකි සිටීම හේතුවෙන් පැටවුන් බලාගැනීමට සිදුවී ඇත්තේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටයි.

 ''සහරා'' නමැති සිංහ දෙනුවට ඉපදුනු පැටවා පෝෂණය කිරීම සඳහා දෙහිවල  ජාතික සත්වෝද්‍යාන වෙත භාර දී තුබුණත් ''ලාරා''ට ඉපදුනු සිංහ පැටවා රැක  බලාගෙන ඇත්තේ රිදියගම  සෆාරි උද්‍යානයේ නිලධාරීන් වේ.

2021.07.26 හය වනදා  ''ලාරා'' බිහිකළ ඩෝරා නමැති සිංහ පැටවා හට මාස 4 1/2 ක් පමණ වන බැවින් මහජන ප්‍රධර්ශනය වෙත තබා තිබේ. කෙසේ නමුත් ''ඩෝරා'' රංචුවකට එක්කිරීමට තරම් සුදුසු තත්වයකට පැමිණෙන තෙක් හුදකලාව තබන බවද  සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

 '' මේ ලාරා කියන සිංහ පැටව අපි ගෙනාවේ සත්ව හුවමාරු වැඩසටහනකට අනුව 2015 වර්ෂයේදී  චීනයේ කීමලෝන් සෆාරි උද්‍යානයෙන් දැන් උගේ වයස අවුරුදු 08ක් විතර වෙනවා ඒ සිංහ ධේනුවගේ පළමු පැටියා තමයි ''ඩෝරා'' '' යැයිහේමන්ත සමරසේකර මහතා කියා සිටියේය

"මේ ''ඩෝරා '' නැමති ගැහැණු සිංහ පැටව අපිට සුවිශේෂීයි මොකද රිදියගම සෆාරි උද්‍යානයේම කණ්ඩායම විසින් තමයි මේ පැටව ඇති දැඩි කරගෙන තියෙන්නේ, නමුත් අපි නරඹන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ ''ඩෝරා '' සුරතල් සතෙක් නොවෙයි ඒ නිසා එයාව අල්ලන්න  හුරතල් කරන්න අපිට අවස්ථාව දෙන්න විදියක් නෑ නමුත් ''ඩෝරා'' බලන්න පුළුවන්''ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂිකා ශර්මිලා රාජපක්ෂ මහත්මිය කියා සිටියේ.

 මිට අමතරව 2020.11 17 දා ද වයස අවුරුදු නවයක්  පමණ වන 'ෂිනා'' නැමති සිංහ ධේනුව විසින් ද  සිංහ පැටවුන් දෙදෙනෙකු බිහිකර තිබේ. 'ෂිනා'' නැමති සිංහ ධේනුව වයස වුරුදු 02දි පමණ ජර්මනියේ සිට රැගෙන විත් දෙහිවල සත්වෝද්‍යානයේ වයස අවුරුදු 04ක් පමණ වන තෙක් සිට පසුව රිදියගම සත්වෝද්‍යානය වෙත රැගෙනවිත් තිබේ.

දින පොත