ලබන අධ්‍යන වර්ෂයේදී ප්‍රාථමක අංශයට වාර විභාග නෑ
- 2022-12-21 16:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ බප/කො/ කැතිඩ්‍රල් පිරිමි විද්‍යාලයේ නත්තල් සැමරුම් උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
අවශ්‍ය වෙනස්කම් සිදු කර ඉදිරියේ දි පාසලෙන් පිට වන දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ දක්ෂතා හා කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට හෝ ඇතුළත් ව වැඩිපුර පුහුණු/ අධ්‍යයන අවස්ථා සලසාගත හැකි වැඩපිළිවෙළ ද සූදානම් කරන බව අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
නිවාඩු අඩු කර වැඩියෙන් වැඩ කර ලබන දෙසැම්බර් මාසය වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කර පාසල් අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම්, පෙළපොත් හා අවශ්‍යතාව පරිදි අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ද නිසි කලට ලබා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා අපහසුවෙන් වුව නැගී සිටිමින් දුෂ්කර අවස්ථා ජයගත යුතු බවත් එහි දී විනයගරුකභාවය අතිශයින් ම වැදගත් වන බවත් පැවසී ය.
Reply To:
Name - Reply Comment
0 Comments