ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 5ට ලංකාවත්
- 2021-10-13 14:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රී ලංකාවත් එක්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි. Conde Nast Traveler සගරාව විසින් පවත්වනු ලැබු Readers Choice 2021 ශ්‍රේණිගත කිරිම් වල දී ශ්‍රී ලංකාව 05 වෙනි ස්ථානය හිමිව තිබේ.
පළමු ස්ථානයට පත් ව ඇත්තේ පෘතුගාලයයි. නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවල් පිළිවෙලින් 2, 3, 4 යන ස්ථාන හිමිව ඇත.
ශ්‍රී ලංකාව ලෝකයේ හොදම සුවතා ගමනාන්තයක් ලෙස ද තෝරා ගැණුනි. පසුගිය වසරේ දි ද Conde Nast Traveler සගරාව පැවැත් වූ Readers Choice ශ්‍රේණිගත කිරිම් වල දි ශ්‍රි ලංකාව හොදම ගමනාන්තයක් ලෙස ශ්‍රේණිගත කිරිම් කර තිබිණි.
ලොව පුරා විසිරී සිටින Conde Nast Traveler සගරාව සිය පාඨකයන්ගේ තේරීම මත මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments