Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දුප්පත් රටවලට අවශ්‍ය එන්නත් නොලැබෙන හෙයින්, කොවිඩ්-19 වසංගතය අමතර වසරක කාලයක් පවතී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය බෘස් අයිල්වර්ඩ් පැවසුවේ එයින් අදහස් කරන්නේ කොවිඩ්-19 අර්බුදය පහසුවෙන් 2022 දක්වා ගැඹුරට ඇදගෙන යා හැකි බවයි.

අනෙකුත් බොහෝ මහද්වීපවල 40%ක ප්‍රතිශතයට සාපේක්‍ෂව අප්‍රිකාවේ ජනගහනයෙන් 5%කටත් වඩා අඩුවෙන් එන්නත් ලබා දී ඇත.

ඖෂධ සමාගම්වලට අඩු ආදායම් ලබන රටවලට ප්‍රමුඛතාව දිය හැකි වන පරිදි එන්නත් ලබාගැනීම සඳහා පෝලිමේ සිටින රටවල් වෙත තම ස්ථාන ලබාදෙන ලෙස වෛද්‍ය අයිල්වර්ඩ් ධනවත් රටවලින් ඉල්ලීමක් කළේය.

"ඔබ නිවැරදි ගමනක් නොයන බව මට ඔබට පැවසිය හැකියි" ඔහු පැවසීය. "අපි එය ඇත්තෙන්ම වේගවත් කළ යුතුයි, නැත්නම් මේ වසංගතය අවශ්‍ය ප්‍රමාණයට වඩා වසරක කාලයක් පවතිනු ඇති බව ඔබ දන්නවාද?" හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

නරේන් විශ්වජිත් (www.ada.lk)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.