වසංගතයේ උග්‍ර අවධිය මේ වසරේදී අවසන්
- 2022-02-13 10:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ජනතාවගෙන් සියයට 70ක් පමණ එන්නත් ලබා ගන්නේ නම් වසංගතයේ උග්‍ර අවධිය මේ වසරේ අවසන් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අද්නොම් ග්‍රේබ්‍රියේසස් පවසයි.
“අපගේ අපේක්ෂාව වන්නේ මෙම වසංගතයේ උග්‍ර අවධිය මේ වසරේ අවසන් වනු ඇති බවයි. නමුත් ඒ සඳහා එක් කොන්දේසියක් තිබෙනවා. එනම් අවම වශයෙන් මේ වසරේදී සියයට 70ක එන්නත් ඉලක්කය මෙම වසරේ මැද භාගය වන විට සම්පූ ර්ණ විය යුතුයි. ජුනි, ජූලි මාසයේදී මෙම ඉලක්කයට ළඟා වෙනු ඇතැයි අනුමාන කළ හැකියි” පැවැසීය.
“එය සිදු කළ හැකි නම්, උග්‍ර අවධිය සැබවින්ම අවසන් විය හැකි අතර, අප අපේක්ෂා කරන්නේ එයයි. එය රැදී තිබෙන්නේ අපේ අතේ. එය අවස්ථාවක් පිළිබඳ කාරණයක් නෙමෙයි එය තේරීමේ කාරණයක්. ” යැයි ලෝක සෞඛය සංවිධානයේ ප්‍රධානියා පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments