2024 මාර්තු මස 28 ප.ව. 02:08 - {{hitsCtrl.values.hits}}
වසර දෙකකට පසුව චීනයෙන් ඉහළම දෛනික COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉරිදා දිනයේදී වාර්තා වී තිබේ. ඉරිදා දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 526කි. චින්ඩාවෝ , ෂැංහායි ඇතුළුන ජනාකීර්ණ අගනගර ඇතුළුව පළාත් හා මහ නගර සභා සීමා 14 ක පමණ මෙම රෝගීන් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය විශේෂඥයින් සහ නිලධාරීන් විශ්වාස කරන්නේ ඔමික්‍රොන් ප්‍ර භේදය හේතුවෙන් මෙසේ රෝගීන් සංඛ්‍යාව ඉහළ යන්නට ඇති බවයි. එසේම චීනය COVID-19 පාලනයේ නව අදියරකට අවතීර්ණ වී ඇතිබවත් වෛරසය පාලනය කිරීම සහ සාමාන්‍ය ජීවිතය පවත්වා ගැනීම අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීම සඳහා වඩාත් නිවැරදි වෛරස් වැළැක්වීමේ පියවර අවශ්‍ය බවත් ඔවුහු පෙන්වා දෙති.
වෛරස් ව්‍යාප්තිය බහුලව පවතින හොංකොං විශේෂ පරිපාලන කලාපයට මායිම්ව ඇති දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතෙන් තහවුරු වූ රෝගීන් 69 ක් වාර්තා වූ අතර එය චීන ප්‍රධාන භූමියේ ඉහළම අගයයි. ඉන් අනතුරුව ඊසානදිග චීනයේ ජිලින් පළාතේ රෝගීන් 54ක් ද, නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ කිංඩාඕ වරාය නගරයෙන් රෝගීන් 46ක් ද වාර්තා විය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |