Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

"අපේ රටේ කාළයකට තාලයට පවත්වපු විභාග ක්‍රමයක් අද නෑ ලබන දෙසැම්බර් හතර ශිෂ්‍යත්වය හා පස්වැනිදා උසස්පෙළ විභාගය පැවැත්වීම පිළිබදව පිරිසක් එපා කියවනවා තවත් පිරිසක් තියන්න කියනවා කෙසේ වෙතත් එදිනට විභාගය පැවැත්වීමට සියලුම කටයුතු සුදානම් කර තිබෙනවා" බව  විභාග කොමසාරිස් අධ්‍යක්ෂ ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා බණ්ඩාරවෙළ මහා විද්‍යාලයේ පැවති රුස්වීමකදි පැවසීය.

ලෝක ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව ඉතිහාසයේ ප්‍රථම වරට 2021 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ පළාත් අතරින් ඌව ප්‍රථම ස්ථානයට ගෙන ඒමට දායකත්වය දැක්වු බණ්ඩාරවෙළ මහා විද්‍යාලයේ දරුවන් හා එම දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කළ ගුරුවරුන් අගයිමට ලක්කිරීමේ උත්සවයක් 30 දින සවස පාසල් ශ්‍රවණාගාරයේදි පැවැත්විය.

මෙම ඇගයිම් උත්සවයට සමගාමීව ඌවේ අධ්‍යාපනය ඉහළට එසවීමට විශේෂ දායකත්වයක් දැක්වු ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මිය ඇතුලු නිළධාරීන් ඇගයීමද මෙහිදි සිදුවිය.

2021 වසරේදි බණ්ඩාරවෙළ මහා විද්‍යාලයේ දරුවන් 1030 දෙනෙකු උසස් පෙළ විභාගයට ඉදිරිපත් වු අතර එයින් 576 දෙනෙකු විශ්වවිද්‍යාල වරම් ලබා තිබේ.දරුවන් 40ක් වෛද්‍ය විද්‍යාලයටත්,55ක් ඉංජිනේරු අංශයටත් තේරී පත්ව ඇත,"ඒ" සාමාර්ථ තුනම ලබාගත් දැරුවන් 73දෙනෙක් සිටින අතර දිවයිනේ ගණිත අංශයෙන් තුන්වැනියාද මෙම පාසලෙන් බිහිවී තිබෙන අතර විභගය සමත්වු දරුවන් ඇගයීමට ලක්කර  සියලු දෙනාට සහතික,සමරු තිළිණ,නිළ ලාංජන හා මුදල් තෑගි ලබා දීමට කටයුතු කළාය, එම දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරුන් ඇගයිමකට ලක්කර ප්‍රශංසා සහතික පිරිනැමිණ.
විදුහල්පති සරත් බන්දු ගුණසේකර මහතා ඇතුලු ගුරුමණ්ඩලය උත්සවය සංවිධානය කර තිබිණ.

මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු විභාග කොමසාරිස් අධ්‍යක්ෂ ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා මෙසේද පැවසීය.

2021 වසරේ තිබුන විභාග හරිම අමාරුවෙන් තමයි පැවැත්වුයේ ප්‍රතිඵළ ප්‍රමාදයි කියලා කියන්න එපා  අපි ඉන්නේ  එංගලන්තේ නොවෙයි ලංකාවේ මිනිස්සු වැඩට එන්නේ නෑ මහරැජිනගේ යටතේ  අපේ දෙපාර්තමේන්තුව තිබුනානම් අපිට තෙල් ට්‍රන්පෝටි තියෙනවා එහෙනම් අපි ඔක්කොම කරනවා.

විභාග ඇගයිමි වලට දෙන්න තාම සල්ලි නෑ අපි ඉල්ලා තියෙනවා තාම ලැබුනේ නෑ ලැබුන ගමන් දෙනවා.අපි ළග මුද්‍රණාල තිබුනට සල්ලි අචිචු ගහන්න බෑ.අපි ඉපදුනේ සංවර්ධනය වෙමින් පැවති රටක අද රට වළටම වැටුනා ඔබලාවත් රට ගැන හිතන්න සාම්ප්‍රධායික රැකියා ක්‍රමයෙන් ඈත් වෙන්න ඩොලර් හොයන රැකියාවක් කරන්න වෛද්‍ය ඉංජිනේරු වෙලා වැඩක් නෑ ඒ අය සාම්ප්‍රදායික විධියට ප්‍රයිවට් කරගෙන ජීවත්වෙනවා රෝගීන්ට සෙතක් වුනාට රටට සෙතක් නෑ එක ඩොලරටක් හෝ රටට ගේන රැකියාවක් කරන්න අවශ්‍ය යුගයකයි අපි ඉන්නේ'"

ප්‍රසන්න පද්මසිරි

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.