Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ප්‍රථම වරට මිනිසුන් සහිතව කක්ෂගත කළ එරට ගගනගාමීන් තිදෙනෙකු රැගත් මාස තුනක ෂෙන්ෂෝ-12 අභ්‍යවකාශ මෙහෙයුම අවසන් කළ ගගනගාමීන් නිරුපද්‍රිතව පෘථිවියට පැමිණීමෙන් පසුව බිජිං නුවරදී මහත් හරසරින් පිළිගනු ලැබීය.

එරට වේලාවෙන් සැප්තැම්බර් 17දා පස්වරුවේ මෙම ගගනගාමීන් තිදෙනා රැගත් කැප්සූලය උතුරු චීනයේ අභ්‍යන්තර මොංගෝලියාවේ ස්වයං පාලන කලාපයේ ඩොංෆෙන් ප්‍රදේශයට පැරෂූටයක ආධාරයෙන් ගොඩබෑම සිදුවූ අතර, එය සාර්ථක හා චීන ජාතිකයන් තිදෙනෙකු දීර්ඝතම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටි මෙහෙයුමක සාර්ථක අවසානයක් විය.

ෂෙන්ෂෝ-12 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන්වීම සැප්තැම්බර් 16දා සාර්ථකව සිදුවුණි. ඒ අනුව නී හෙයිෂෙන්ග්, ලියු බෝමින් සහ ටෑං හොංබෝ යන ගගනගාමීන් දින 91ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මධ්‍ය මොඩියුලයේ රැඳී සිටිමින් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීම්වල නිරත විය.

බීජිං වෙත විශේෂ ගුවන් යානයකින් පැමිණි ගගනගාමීන් ඔවුන්ව රැගෙන යන විශේෂ පුටුවල හිඳුවා ඔස්වාගෙන පැමිණියේ රතු පලස් මතිනි. එම අවස්ථාවේදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් මල්කලඹ දී ඔවුන් පිළිගනු ලැබීය. ෂෙන්ෂෝ-12 මෙහෙයුම චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම්වල වඩාත් සාර්ථකම අවස්ථාවක් බවට පත්වූයේ, ලෝකයේ වේගයෙන්ම අභ්‍යවකාශයද ජයග්‍රහණය කරන රාජ්‍ය බවට චීනය පත්වෙමින් ඇති නිසාය.

නරේන් විශ්වජිත්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.