ෂෙන්ෂෝ-14 ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 06:30 - {{hitsCtrl.values.hits}}  

ෂෙන්ෂෝ-14 අභ්‍යවකාශ යානය චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික මොඩියුලය වන ටියාන්හේ සමග සම්බන්ධ වී ඇති අතර එහි සිටි චීන ගගනගාමීන් තිදෙනා මූලික මොඩියුලයට ඇතුළු වී තිබේ.

අභ්‍යවකාශ යානය සිය කක්ෂය හය වතාවක් ස්වයංක්‍රීයව වෙනස් කිරීමෙන් පසු බීජිං වේලාවෙන් පෘථිවියට මුහුණ ලා ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ටියාන්හේ මූලික මොඩියුලයේ රේඩියල් වරාය සමග ස්වයංක්‍රීය සම්බන්ධවීම සාර්ථකව සිදුකළ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය (CMSEO) පවසයි. මෙම සම්පූර්ණ ක්‍රියාවලියට ආසන්න වශයෙන් පැය හතක් ගතවී ඇත.

"මෙවර, එය රේඩියල් හෙවත් වඩාත්ම අභියෝගාත්මක ස්ථානයෙන් නැංගුරම් ලා තිබෙනවා. නමුත් අපි හොඳින් ක්‍රියා කළේ, තාක්‍ෂණය ස්ථාවර සහ ස්ථාපිත ලෙස සලකමිනුයි" චීන අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමියේ ෂෙන්ෂෝ මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා පද්ධතියේ නියෝජ්‍ය ප්‍රධාන සැලසුම්කරු ගාඕ ෂු පැවසීය.

අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම සඳහා මෙම සංයෝජනය හොඳ තත්ත්වයේ පවතින බව ගාඕ පැවසීය.

මෙහි ගමන්ගත් ගගනගාමින් තිදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික මොඩියුලයට ඇතුළු වීමට පෙර කැප්සියුල හැච් හතරක් විවෘත කළහ. පසුව ඔවුන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික මොඩියුලයට සාර්ථකව ඇතුළු වූ අතර, ඔවුන්ගේ ඉදිරි මාස හයක අභ්‍යවකාශ සංචාරය ආරම්භ කළහ.

දින පොත