සඳෙහි ගැටෙන්න යන රොකට්ටුවේ කොටස චීනයේ නෙමෙයි

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 09:58 - {{hitsCtrl.values.hits}}  

මාර්තු 04දා සඳෙහි ඈත පැත්තට කඩා වැටීමට නියමිත රොකට් බූස්ටරයක් ​​චීනයේ Chang'e-5 මෙහෙයුමේ කොටසක් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැංග් වෙන්බින් මහතා පවසයි.

නාසා ආයතනය පසුගිය සතියේ ප්‍රකාශ කළේ සඳෙහි ගැටීමට යන මෙම කොටස  කලින් වාර්තා කළ පරිදි 2015 දී SpaceX Falcon 9 රොකට්ටුවේ කොටසක් නොව 2014 දී දියත් කරන ලද චීනයේ Chang'e-5 පරීක්ෂණ මෙහෙයුමේ කොටසක් විය හැකි බවයි.

"චීනයේ අධීක්‍ෂණයට අනුව, Chang'e-5 මෙහෙයුමේ රොකට්ටුවෙ පෘථිවි වායුගෝලය හරහා ආරක්ෂිත ආකාරයෙන් වැටී සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත," වැංග් සඳුදා නිත්‍ය මාධ්‍ය හමුවකදී පැවසීය.

"චීනයේ අභ්‍යවකාශ ප්‍රයත්නයන් සෑම විටම ජාත්‍යන්තර නීතියට අනුකූලයි. බාහිර අභ්‍යවකාශ ක්‍රියාකාරකම්වල දිගු කාලීන තිරසාරභාවය ආරක්ෂා කිරීමට අපි කැපවී සිටින අතර සෑම පාර්ශවයක් සමඟම පුළුල් හුවමාරු සහ සහයෝගීතාවක් ඇති කර ගැනීමට අපි සූදානම්," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

දින පොත