Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/02/22වන දින නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

          “අපේ ප්‍රධාන අරමුණ තමයි රටේ දූ දරුවන්ගේ වටිනා තරුණ කාලය අපතේ නොයැවීම. අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව කරගැනීමට පුළුවන් වන පරිදි කෝවිඩ් 19 වසංගතය මධ්‍යයේ පැමිණෙන සියලු අභියෝගයන්ට මුහුණ දීමට අපි සූදානම් ව සිටිනවා. මාර්තු 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වෙන විභාගය සඳහා දිවයින පුරා අපේක්ෂකයන් 622,305ක් ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 4,513ක එය පැවැත්වීමට නියමිත යි. පාසල් අපේක්ෂකයන් 423,746ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 198,606ක් පෙනී සිටීමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් සූදානම්කොට තිබෙනවා.

ඒවගේ ම කෝවිඩ් 19 ආසාධිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයක ම විශේෂ මධ්‍යස්ථාන 02 බැගින් ස්ථාපිත කරලා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයට එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට  ඉඩ තිබෙන නිසා ඊට වි‍ශේෂ විධිවිධාන සකසා තිබෙනවා. ඒ සම්බන්ධ ව විදුහල්පතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතුන් සමඟ සාකච්ඡා කරලා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කරලයි තිබෙන්නේ.

මේ වනවිටත් සියලු ම පාසල්වලට අයදුම්පත්‍ර සියල්ල තැපැල් කරලා තිබෙන්නේ. පෞද්ගලික අපේක්ෂකයන්ට ඒවා ලැබී නොමැති නම් අපේ වෙබ් අඩවියට ගිහින් ඒ ප්‍රවේශපත්‍ර බාගත කරගන්න පුළුවන්. අපේ රටේ ප්‍රථම වතාවට අපේ රජය එහෙම පියවරකට ගිහින් තිබෙනවා. සියල්ල අපේ දරුවන් වෙනුවෙනුයි.”

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.