සාම්ප්‍රදායික චීන කොවිඩ් ප්‍රතිකාර WHO ඇගයුමට

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 06:27 - {{hitsCtrl.values.hits}}  

සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම සහ ප්‍රතිකාර (TCM) කොවිඩ්-19 වෛරසයට එරෙහිව ඵලදායී බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥයන් විසින් සොයාගෙන ඇති අතර, ඔවුන් නවතම වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ පවතින ප්‍රතිකාර TCM සමග ලබාදීම නිර්දේශ කරන බවයි.

කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර කිරීමේදී TCM හි ඵලදායීතාව ඇගයීම සඳහා වූ විශේෂඥ රැස්වීමකින් පසු WHO වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව මගින් පෙන්වා දී තිබුණේ, TCM ආරක්ෂිත ප්‍රවේශයක් වන අතර, කොවිඩ් වසංගතයේ මෘදු, මධ්‍යස්ථ සිට දරුණු අවස්ථා දක්වා ප්‍රගතියේ අවදානම අඩු කළ හැකි බව යෝජනා කරන බවයි.

තෙදින රැස්වීම අන්තර්ජාලය හරහා පැවැත්වුනු අතර ජාත්‍යන්තර විශේෂඥයන් 21දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් TCM ප්‍රතිකාරයට අදාළ සසම්භාවී පාලිත පරීක්ෂණ 12ක ප්‍රතිඵල සමාලෝචනය කර පසුව මෙම වාර්තාව සකස් කර තිබුණි.

එහිදී, වැඩිදුර දත්ත පෙන්නුම් කරන්නේ TCM වෛරසය ගුණනය සඳහා කාලය කෙටි කළ හැකි අතර, කලින් ලබාදීමෙන් වඩා හොඳ සායනික ප්‍රතිඵල ඇති විය හැකි බවය. නමුත් බරපතල රෝගීන් සඳහා ප්‍රතිලාභ පිළිබඳ සාක්ෂි සීමිත වන අතර වැඩිදුර ඇගයීම අවශ්‍ය බවද සඳහන් කර තිබුණි.

මේ තත්ත්වය තුළ වාර්තාව මගින් WHO සාමාජිකයින්ගේ කොවිඩ්-19 පාලන පද්ධතියට TCM මැදිහත්වීම් නිර්දේශ කළ නමුත්,  නවීන වෛද්‍ය විද්‍යාව සමඟ TCM ඒකාබද්ධ කරමින් භාවිත කරන ක්‍රමවේදය නිර්දේශ කර ඇත.

දින පොත