සිරියාවට ගොස් IS නායකයා මරා දැමූ කමාන්ඩෝ ප්‍රහාරය
- 2022-02-04 11:40:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වයඹදිග සිරියාවේදී සිදුකළ රහසිගත එක්සත් ජනපද කමාන්ඩෝ මෙහෙයුමකින් IS ඉස්ලාම් රාජ්‍ය නායක අබු ඊබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි මිය ගිය බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කරයි. ඇමෙරිකානු නායකයා කියා සිටියේ, මෙහෙයුමට සම්බන්ධ සියලු ඇමෙරිකානු සෙබලුන් නිරුපද්‍රිතව ආපසු පැමිණි බවයි.
වයඹදිග සිරියාවට රහසිගතව ඇතුළු වෙමින් සිදුකළ මෙම සුවිශේෂී මෙහෙයුමේදී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායකයා ඇතුළු පුද්ගලයන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. අල්-කුරේෂි මෙම රහසිගත මෙහෙයුම අවස්ථාවේදී බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි නසාගෙන ඇති අතර, ඔහු සමග ඔහුගේ පවුලේ කාන්තාවන් සහ ළමයින්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
"අපගේ සන්නද්ධ හමුදාවන්ගේ දක්ෂතාවට සහ නිර්භීතකමට ස්තූතිවන්ත වන්නට, අපි ISIS නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි යුධ පිටියෙන් ඉවත් කළා" යැයි ප්‍රකාශයක් නිකුත් කරමින් ජෝ බයිඩන් කියා සිටියේය. "සියලු ඇමෙරිකානුවන් මෙහෙයුමෙන් පසුව ආරක්ෂිතව ආපසු පැමිණ සිටිනවා." ඇමෙරිකානු නායකයාගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.
ප්‍රහාරක හෙලිකොප්ටර් යානා, සන්නද්ධ ඩ්‍රෝන යානා සහ ප්‍රහාරක ජෙට් යානාවල පිටුබලය ඇතිව ඇමෙරිකානු කමාන්ඩෝ භටයින් 20කට වැඩි පිරිසක් මෙම මෙහෙයුමට සම්බන්ධ වී ඇත.
එහිදී අමෙරිකානු හමුදාවේ හෙලිකොප්ටර් යානා රැසක් තුර්කි දේශසීමාවට ආසන්නව ඉඩ්ලිබ් පළාතේ පිහිටි ප්‍රදේශයකට පෙරේදා මධ්‍යම රාත්‍රියේ ගොඩබස්වා තිබූ බවත්, එම යානා යළි පිටත්වීමට පෙර එම ප්‍රදේශයෙන් වෙඩි හා ෂෙල් ප්‍රහාර හඬ ඇසුණු බව සිරියානු මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2019 ඔක්තෝබර් මාසයේදී ඉස්ලාමීය රාජ්‍යයේ මීට පෙර නායකයා ලෙස කටයුතු කළ අබු බකර් අල්-බග්දාදි ජීවිතක්ෂයට පත්වූ වැටලීමට මෙය සමාන බවත් සඳහන් වෙයි. එදා එක්සත් ජනපද හමුදා වැටලීමේදී ඔහු මරාගෙන මැරෙන ඇඳුමක් පුපුරුවාගෙන ජීවිතක්ෂයට පත්විය.
අල්-බග්දාදිගෙන් පසුව ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ඉහළම අණදෙන නායකයා වූ අල්-කුරේෂි එතරම් ජනප්‍රිය චරිතයක් නොවූවත්, යුද විශ්ලේෂකයන්ට අනුව ඉස්ලාමීය රාජ්‍ය නායකයාගේ මරණය ත්‍රස්තවාදී කණ්ඩායමට සැලකිය යුතු පහරකි.
Reply To:
Name - Reply Comment
0 Comments