හෝර්ටන්තැන්න නැරඹ්මේ ප්‍රවේශපත් නිකුත් කිරිම ප.ව 2ට අවසන්
- 2020-02-17 11:35:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹිම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පිවිසිමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම දිනපතා පස්වරු 2න් පසු අත්හිටුවිමට තිරණයක් ගෙන ඇති බව හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පි.කේ.එම්.පි.ප්‍රදිප් කුමාර මහතා පැවසිය.
ලෝකාන්තය ,බේකර්ස් ඇල්ල ඇතුළු හොර්ටන්තැන්න වනෝද්‍යානයේ සුන්දරත්වය නැරඹිම සදහා සංචාරකයින්ට කිලෝමිටර 8ක දුර පාගමනින් යායුතු බවත්, එ සදහා අවම වශයෙන් පැය හතරක පමණ කාලයක් ගත වන බැවින් පස්වරු 2 න් පසු එ සදහා ප්‍රවේශපත්‍ර නිකුත් කළහොත් පස්වරු 6 න් පසු සංචාරකයන්ට වනෝද්‍යානයේන් ඉවතට ඒමට නොහැකි නිසා මෙම තිරණය ගත් බවයි ප්‍රදිප් කුමාර මහතා කියාසිටියේ.
පස්වරු 2 න් පසු හොර්ටන්තැන්නේ ලෝකාන්තය සහ බේකර්ස් ඇල්ල යන ස්වාභාවික ස්ථාන නැරඹිමට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බවත්, හොර්ටන්තැන්න නැරඹිමට සහ හොර්ටන්තැන්නේ සුන්දරත්වය නිදහසේ නැරඹිමට උදැසනම හොර්ටන්තැන්නට පැමිණෙන ලෙසයි ප්‍රදිප් කුමාර මහතා සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.
හොර්ටන්තැන්නේ වෙසෙන ගොනුන් , දිවියන් ඇතුළු හොර්ටන්තැන්නට ආවේණික වු සතුන්ට නිදහසේ සැරිසැරිමට ඉඩ අවකාශය ලබා දිම සදහා සවස 6න් පසු හොර්ටන්තැන්නට ඇතුල්විමට කිසිවෙකුටත් අවසර ලබා නොදෙන බව ප්‍රදිප් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments