Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධාන කරනු ලබන “ජනාධිපති පරිසර සම්මාන 2021-2022”  උලෙළ 2023 අප්‍රේල් මස 28 වෙනිදා පෙරවරු 9.00ට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ද පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන්, සහ සම්මානලාභීන්ගේ සහභාගීත්වයෙන් ද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙවර පවත්වන්නේ 9 වැනි ජනාධිපති පරිසර සම්මාන උලෙළයි.

පරිසර සංරක්ෂණයට විශිෂ්ට මෙහෙවරක් සිදුකළ කර්මාන්ත, ව්‍යාපාර ආයතන හා පුද්ගලයින් අගයමින් රාජ්‍ය ගෞරවය ලබාදීම; පරිසර හිතකාමී කර්මාන්ත, ව්‍යාපාර හා සේවා සංස්කෘතියක් ගොඩනැංවීම, පරිසර හිතකාමී ක්‍රියාකාරීත්වයන් සඳහා සමාජය දිරිගැන්වීම; සහ තිරසර සංවර්ධනයට ජන සහභාගීත්වයක් එක්කර ගැනීම යන අරමුණු පෙරදැරිව පරිසර අමාත්‍යාංශයේ උපදේශකත්වය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව මෙවැනි සම්මාන උලෙළක් සංවිධාන කිරීමට කටයුතු කරනු ලබයි. පසුගිය වසරවල රට තුළ පැවති කාලීන තත්වයන් සැලකිල්ලට ගනිමින් 2021 සහ 2022 වර්ෂ දෙකටම අදාළ සම්මාන මෙවර උලෙළේ දී පිරිනැමීමට කටයුතු යොදා ඇත. 

කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය  සහ ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය යන ප්‍රධාන අංශ දෙක නියෝජනය වන පරිදි අදාළ පිරිස් වෙත මෙම සම්මාන උලෙළ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදී එම ඉල්ලුම් කළ තරඟකරුවන් විෂය ප්‍රවීන විද්වත් විනිශ්චය මණ්ඩලයක් මගින් විධිමත් ඇගයීමකට ලක්කර “ජනාධිපති පරිසර සම්මාන 2021-2022” සඳහා සම්මානලාභීන් තෝරාගන්නා ලදී.

කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය යටතේ ඝන අපද්‍රව්‍ය නැවත ලබාගැනීමේ/ ප්‍රතිචක්‍රීකරණ/ බැහැරකීරීමේ හෝ සැකසීමේ කර්මාන්ත, රසායනික නිෂ්පාදන කර්මාන්ත, වාහන සේවා ස්ථාන, ආහාරපාන නිෂ්පාදන කර්මාන්ත, හෝටල්, රෙදිපිළි පිරිසැකසුම් කර්මාන්ත, ඖෂධ නිෂ්පාදන හා රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත, ආරෝග්‍ය ශාලා, රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, සත්ව ගොවිපළවල්, නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත, තේ කර්මාන්ත ශාලා, මුද්‍රණ කටයුතු සහිත ඇසුරුම් නිෂ්පාදන කර්මාන්ත, පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති, 3R සංකල්පය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කර්මාන්ත ක්‍රියාකාරකම් සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති (කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති/ සූර්ය බල ව්‍යාපෘති/ සුළං බල විදුලි උත්පාදන ව්‍යාපෘති) යන අංශ දහසයක් (16) ඔස්සේ ඇගයීම් සිදුකරනු ලැබීය. 

ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය ඔස්සේ පාසල්, පරිසර හිතකාමී රාජ්‍ය ආයතන, පරිසර හිතකාමී පෞද්ගලික ආයතන, පරිසර සංරක්‍ෂණය සඳහා විශිෂ්ට දායකත්වය ලබාදී ඇති පුද්ගලයන්, පරිසර සංරක්ෂණය හා ප්‍රවර්ධන කාර්යයන් හි කටයුතු කරන රාජ්‍ය නොවන පරිසර සංවිධාන සහ පරිසර හිතකාමී නව නිර්මාණ (පාසල් අංශය, විශ්වවිද්‍යාල හා තෘතීක අධ්‍යාපන ආයතන අංශය/විවෘත අංශය) සහ ජනමාධ්‍ය අංශය යන අංශ හත (07) යටතේ ඇගයීම් සිදුකර ඇත. ජනමාධ්‍ය අංශයේ ඇගයීම් කටයුතු සිදුකිරීමේ දී ගවේෂණාත්මක පාරිසරික වාර්තාකරණය - මුද්‍රිත මාධ්‍ය (සිංහල, දෙමළ, ඉංග්‍රීසි),  ගවේෂණාත්මක පාරිසරික වැඩසටහන් නිෂ්පාදනය - ගුවන්විදුලි මාධ්‍ය (සිංහල, දෙමළ, ඉංග්‍රීසි), සහ ගවේෂණාත්මක පාරිසරික වැඩසටහන් නිෂ්පාදනය - රූපවාහිනී මාධ්‍ය (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) යන කාණ්ඩ වෙත අවධානය යොමුකරමින් ඇගයීම් සිදුකරන ලදී.

මේ අනුව, “ජනාධිපති පරිසර සම්මාන 2021-2022” යටතේ රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මානලාභීන් අනූදෙනෙකු (90) සම්මානයට පාත්‍රවේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.