ඓතිහාසික දෙල්ගමු රජ මහා විහාරය
- 2018-11-20 18:42:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරැවිට නගරයට කිලෝමීටරයක් පමණ මෙහායින් හමුවන හිග්ගස්‌හේන හන්දියෙන් දකුණට හැරී කිලෝමීටරයක් පමණ ගිය තැන දෙල්ගමුව රජමහා විහාරය හමුවෙයි. ඓතිහාසික දෙල්ගමුව රජ මහා විහාරය සබරගමු පළාතේ ඇති සුප්‍රසිද්ධ විහාරස්ථානයකි. දෙල්ගමු වෙල්යාය කෙළවරේ උස් බිමක් තනා විහාරය ගොඩනංවා ඇත.
රාජාවලිය
අතීතයේ විහාර භූමියට ගිනිකොන දිගට වන්නට දළදාවහන්සේට මල් සැපයූ මල්වත්ත ඕවිට නම් රාජකීය මල් වත්ත පිහිටා තිබුණි. විහාර භූමියට බටහිරින් පිහිටා ඇත්තේ ගල්කඩදෙණියයි. දෙල්ගමු විහාරය තැනීමට ගල් කඩා ඇත්තේ මෙම ප්‍රදේශයෙනි. රාජාවලියේදී මෙම පුදබිම හඳුන්වා දෙන්නේ සබරගමු විහාරය ලෙසයි. මෙහි ඉතිහාසය කෝට්‌ටේ යුගයටත් එහා දිව යයි.
මායාදුන්නේ රජු
සිරිමෙවන් රජ දවස ඉන්දියාවේ සිට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කරන ලදී. එතැන් පටන් දළදා වහන්සේ ලංකා රාජ්‍ය පාලකයන්ගේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත් විය. එනිසා ලංකාවට එල්ල වූ විවිධ සතුරැ ආක්‍රමණ වලදී මූලිකම ඉලක්‌කය බවට දළදා වහන්සේ පත් විය.
ක්‍රි.ව. 1505 නොවැම්බර් 15 වැනි දින පෘතුගීසීන් ලංකාවට ගොඩබටදා පටන් ඇති වූ රටේ ව්‍යාකූල තත්ත්වයෙන් දළදා වහන්සේ ආරක්‍ෂාකර ගැනීම පිණිස සීතාවක රජු වූ මායාදුන්නේ රජු
විසින් දෙල්ගමුව විහාරයට දළදා වහන්සේ වැඩමවා එහි තිබූ කුරහන් ගලක සඟවා තැබීය. එතැන් පටන් පුරා වසර 43 ක් දෙල්ගමුව විහාරයේ පුද සත්කාර ලබමින් දළදා වහන්සේ වැඩ සිටි සේක. අනතුරැව දළදා වහන්සේ ක්‍රි.ව. 1592 පළමු වැනි විමලධර්මසූරිය රජ දවස මහනුවර ශ්‍රී දළදා මැදුරට වැඩම කරවන ලදී.
කුරහන් ගල
අඩි තුනහමාරක් පමණ විෂ්කම්භයකින් හා අඩි දෙකහමාරක් පමණ උසකින් යුත් මෙම කුරහන් ගලේ මැද වූ සිදුර මත දළදා වහන්සේ තැන්පත් කොට තිබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. වීදුරැ වලින් ආවරණය කර ඇති විශේෂිත වූ කුටිය මැද දළදා වහන්සේ තැන්පත් කොට තිබී ඇත. දළදා මැදුරේ දන්ත ධාතූන් වහන්සේට පුද කරන ගෞරවයට සමාන ගෞරවයකින් දෙල්ගමුව රජමහා විහාරයේ බුහුමන් ලබන මෙම කුරහන් ගල අපට ඒ තරමටම වැදගත් වනුයේ අද අපට නමස්‌කාර කිරීමට ඉතිරිව ඇති දළදා වහන්සේ ජීවමාන කරවීමට රුකදුන්නේ මේ අප්‍රාණික කුරහන් ගලම නිසාවෙනි.
තොරතුරැ - ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත පූජ්‍ය මාහල්ලේ විපුල තිස්‌ස හිමිපාණන් වහන්සේ
Reply To:
Name - Reply Comment
0 Comments