ත්‍රිත්ව දෙව් මැදුර
- 2016-10-04 12:21:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ත්‍රිත්ව විදුහල මහනුවර නගරයේ ඇති ප්‍රධානම විද්‍යාලයකි. එහි දෙව් මැදුර ලෝපකටය. ඒ එහි ඇති සිතුවම් නිසාය. මේ දෙව් මැදුරට මුල් ගල් තබන විට විදුහල්පති ධුරය දැරූ ඒ. ජී. ෆ්‍රේසර් පියතුමාටත්, 1924 දී විදුහල්පති ධුරයට පැමිණ, දෙව් මැදුර ඉදිකිරීමේ කටයුතුවලින් වැඩි දායකත්වයක් දැරූ වූ ජේ. එම්. කැම්බල් පියතුමාටත් විශේෂ අරමුණක් තිබිණි. ඒ ක්‍රිස්තියානි වන්දනා මාන කටයුතු ඉපැරැණි සිංහල සම්ප්‍රදාය මත තැනූ ස්ථානයක සිදු කරන්නට අවස්ථාව සලසා දීමයි.
ලංකාවේ චිරන්තන සම්ප්‍රදාය කෙරෙහි හා පැරුණි ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි අවධානය යොමු කරමින් දෙව් මැදුරේ ඉදිකිරීම් සැලසුම් කෙරිණි. අනුරාධපුර හා පොලොන්නරු ඉපැරුණි නටබුන් හා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ද දෙව් මැදුර ඉදිරිකිරීමේ දී අවධානය යොමු කළහ.
පලාපෙති වැනි දේශීය මෝස්තර කැටයම් කරන ලද ගල් කුලුනු මත ඒ දෙව් මැදුර ඉදිවන්නේ කිතුනු දහම දේශීය සම්ප්‍රදායන්ට අනුව හැඩගැන්වීමේ එකියන අවශ්‍යතාවන්ට අනුරූපව ය. නන්දන වීරසිංහයන් සිය කව් පෙළින් ගෙන හැර දක්වන්නේ ද සංස්කෘතීන් දෙකක් ඒකාබද්ධ කරන්නට කලාකරුවා දක්වන සාමර්ථයයි.
දෙව් මැදුර තනන්නට ඇවැසි විසල් කුලුනු තනන්නට ගැළපෙන ගල් පරයක් මහනුවර නගරයට ආසන්න අරුප්පොලින් ගෙන ආවේය. පේකඩ සඳහා ගම්මාලු දැව මාවනැල්ලෙන් ගෙන්වා ගන්නා ලදී. හල්මිල්ල දැව කැකිරාවෙන් ද යකඩ වෝකර් සහ සමාගමෙන් ද ලබා ගෙන තිබේ.
දක්ෂ ලාංකික ගල් වඩුවන් විසින් සකසන ලද සෙල් කුලුනුවල කැටයම් ඉන්දියාවෙන් ගෙන්වා ගන්නා ලද ‘පෙරියසාමි’ ප්‍රමුඛ ශිලා කැටයම් කරුවන් විසිනි.
ත්‍රිත්ව දෙව් මැදුරෙහි කලාකාමීන් අගය කළ අංගයක් වූයේ ‘ඩේවිඩ් පේන්ටර්’ විසින් අඳින ලද සිතුවම් සමූහයයි. ඉංග්‍රීසි ජාතික මිෂනාරී පියෙකුට දාව සිංහල මවකගෙන් පේන්ටර් උපන්නේ ක්‍රි.ව. 1900 දී උතුරු ඉන්දියාවේ ‘ඇල්මෝරා’ හි දී ය. ත්‍රිත්ව විදුහලෙන් අධ්‍යාපනය ලද ඔහු පසුව බ්‍රිතාන්‍යයේ රෝයල් ඇකඩමියේ සිතුවම් කලාව හැදෑරී ය. ඩේවිඩ් පේන්ටර් යුරෝපීය සිතුවම් කලාවේ මූලික ආදර්ශ සහිතව නිර්මාණකරණයට පිවිසියෙකු සේ සැලකේ.
ඩේවිඩ් පේන්ටර් ත්‍රිත්ව දෙව් මැදුරේ සිතුවම් අඳින විට ක්‍රිස්තියානි ආගමික තේමා නිරූපණයේ දී ඒවා යුරෝපීය පසුබිමක් තුළ නොව ලාංකීය පසුබිමක් තුළ නිරූපණය කිරීම මෙම සිතුවම්වල විශේෂ ලක්ෂණයක් සේ සැලකේ.
තිලක් සෙනෙවිරත්න
Reply To:
Name - Reply Comment
0 Comments