Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ත්‍රිකුණාමලය - පුල්මුඩේ පාරේ විසිහත් වැනි හා විසි අට වැනි සැතපුම් කණු දෙක අතරින් හැරී සැතපුමක් පමණ දුර ගිය විට තිරියාය නැමැති ගම හමුවේ. මෙම ගමට බටහිරින් අපගේ සාකච්ඡාවට බඳුන් වන පුරාවිද්‍යා ස්ථානය හමු වේ. කඳුගැටයක් මුදුනේ පිහිටා ඇති මෙම දාගැබ තිරියායේ ගිරිහඬු සෑය නමින් ප්‍රකට වී ඇත. බුදුන් වහන්සේගේ කේශධාතූන් නිදන් කර දාගැබ සාදා ඇතැයි සැලකේ. මෙහි විවිධ යුගයන්ට අයත් විහාර ආරාම හා පිළිම ගෙවල් රුසක් දැකිය හැකිය. 

 

ශ්‍රීපාද ලාංඡනයක්
මෙම කඳුගැටයට නැඟීම පිණිස දකුණු පැත්තෙන් පඩි පෙළක් ඇත. කන්දේ මුදුන සමතලා කිරීමෙන් පසුව මෙම කුඩා දැගැබ නිර්මාණය කර ඇත. පසුකාලීනව එම දාගැබ විශාල කර ඇති බව දක්නට ලැබේ. දැගැබ වට කර ක්‍රිස්තු වර්ෂ අටවන සියවසේ දී පමණ වටදාගෙයක් සාදා ඇත. වෘත්තාකාර වේදිකාවක් මත වටදාගෙය නිමවා ඇත. ඒ වටා පිළිම ගෙවල් හයකි. මෙයින් විශාලම පිළිම ගෙයි ගඩොලින් සෑදු සයනාකාර බුදු පිළිමයකි.
මළුවට දකුණු පසින් ඇති බුදු මැදුරේ ශ්‍රීපාද ලාංඡනයක් පිහිටුවා ඇත. පුදබිමෙන් මේ වන විට සෙල්ලිපි හතක් සොයා ගෙන ඇත. පුදබිමේ පධානඝරයක බිමට අතුරන ලද ගල් පුවරැවක් යට තිබී බුදු පිළිම 31 ද, බෝධිසත්ව පිළිම 11 ද, තාරාදේවී පිළිම 3  හා ලෝකඩ කරඬුවක්ද තිබී හමු වීඇත.

මුරගල්
දාගැබ වටා අද ගල් ටැම් පේළි දෙකක අවශේෂ දැකිය හැකිය. දාගැබ පිහිටි මළුව කෙළවරෙහි ගලෙන් නිම කළ අඩි හයක් පමණ උස් වූ බිත්තියක් වටේට බැඳ ඇත. එම බිත්තිය මත තැනින් තැන ලී කණු සවිකිරීම සඳහා සාදන ලද කුහර දක්නට ලැබේ. 
තිරියායේ දාගැබ නමින් ප්‍රකට වූ මෙම දාගැබ පිහිටි මළුවට පිවිසීම සඳහා සතර දිසාවෙන් පඩිපේළි සතරක් සාදා ඇත. සෑම පියගැටපෙළක් මුදුනේම ගලින් නිම වූ දොර උළුවස්සක් දැකිය හැකිය. දොරටු පාමුල සඳකඩපහණ, මකර කොරවක්ගල් හා නාග මුරගල් ඇත. නෙළුම්පෙති රෑකම් හැරැණු විට සඳකඩපහණ්වල වෙනත් අලංකාර බවක් දක්නට නැත. ඉතා සරලය.මෙම ස්ථානයේ ඇති ඉතා අගනා කලා කෘතියක් ලෙසින් මුරගල හැඳින්විය හැකිය. මෙම මුරගල් පල්ලව සම්ප්‍රදායට  අයත් බව කලා විචාරකයින්ගේ අදහසයි. 

උපේක්ෂා මුණවීර
ඡායාරෑප - රැෂිරැ තරංග  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.