ලොව සිරිය
- 2025-09-15 13:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සඳ ළඟ එබිකම් කරනා වලාවේ
තරුකැට මිණි මෙන් දිලිසෙන වෙලාවේ
මගේ කිරි කැටි නංගීගේ මුදු හිනාවේ
රැය සොඳුරුය මසිතේ ඇති කලාවේ
පෙනෙන නොපෙනෙන දුර කඳු පෙළ දුටිමි
මිහිකත වෙළා ගෙන සිටිනා තුරු දිටිමි
මොනරුන් පිල් විදහා රඟන සැටි විඳිමි
පෙර දුටු නුදුටු ලොව දැක මම මත්වීමි
මද පහස මට ලැබ දෙයි සුවය
පිනිබිඳු වත් දිය බිදු සම මත දහස
තුරු පෙළ සෙලවෙන හඬ දෙයි සිතට තොස
නිවහල් පිරි සතොසින් ඉපිළෙයි මනස
------------------------------------------------
ඩබ්ලිව්. කවිඳු දිලීප විතානගේ,
ජාතික යොවුන් සේනාංකය,
දෙහිඕවිට.
Reply To:
Name - Reply Comment
0 Comments