අන්තර් දිස්ත්‍රික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලිය - වැඩිම ජයග්‍රහණ ගාල්ල මහින්ද විද්‍යාලයට

2024 මැයි මස 02 පෙ.ව. 11:36 - {{hitsCtrl.values.hits}}  

ගම්පහ ශ්‍රී බෝධි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති අන්තර් දිස්ත්‍රික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලියට සහභාගී වූ ගාල්ල දිස්ත්‍රික් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජයග්‍රහණ රුසක් දිනාගැනීමට සමත් වූහ. දිස්ත්‍රික්ක 11ක සහභාගිත්වයෙන් පැවැත්වුණ මෙම තරගාවලියට ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් පහකින් සිසු සිසුවියෝ සහභාගී වූහ. එහිදී දක්ෂතම ක්‍රීඩක සම්මාන 4ක් සහ ප්‍රථම ස්ථාන 7ක් දිනා ගනිමින් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය ජිම්නාස්ටික් කණ්ඩායම සමත් විය. 
ගාල්ල සිරිධම්ම විද්‍යාලයීය කණ්ඩායමට දක්ෂතම ක්‍රීඩක සම්මාන එකක්, දක්ෂතම ක්‍රීඩිකා සම්මාන එකක් සහ ප්‍රථම ස්ථාන 03ක් හිමිවිය. සංඝමිත්තා විද්‍යාලයීය කණ්ඩායම, රිපන් බාලිකා විද්‍යාලයීය කණ්ඩායම සහ උඩුගම මහා විද්‍යාලයීය කණ්ඩායම දක්ෂතම ක්‍රීඩක සම්මාන එක බැගින් දිනාගැනීමට සමත්ව තිබේ. 
ගාල්ල මහින්ද විද්‍යාලයේ සමරසිංහ අවුරැදු අටෙන් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද එස්.කේ. සෙතික දින්සර හා උවිඳු චිරාන් මහේන්ද්‍ර දක්ෂතම ක්‍රීඩක සම ශූරතාව ද එස්.කේ.කවිරැ දුලාන් අවුරැදු 14න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද තේරී පත්වුහ. ගාල්ල සිරිධම්ම විද්‍යාලයේ ජිනිඳු ජයසංඛ අවුරැදු 10න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද දනාත්මා හසින්දි අවුරැදු අටෙන් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන ලැබූහ. සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සසැදි කරැණාසේන අවුරැදු 10න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද රිපන් බාලිකා විද්‍යාලයේ අමායා හිමංගා අවුරැදු 10න් පහළ කනිෂ්ඨ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද උඩුගම මහා විද්‍යාලයේ ඩිලාන් කුමාර අවුරැදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද ජයග්‍රහණය කළහ.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)

දින පොත