දුවන්නට පනින්නට හපන් ගාල්ල විද්‍යාලෝකයේ රශින්

2024 මැයි මස 02 පෙ.ව. 11:15 - {{hitsCtrl.values.hits}}  

දකුණු පළාත් පාසල් ක්‍රීඩා උලෙළේ දී නව තරග වාර්තා දෙකක් පිහිටුවීමට සමත් වූ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ටී.එච්.රශින් උමයංග එම ක්‍රීඩා උලෙළේ වයස අවුරැදු 14 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද සම්මාන ලැබුවේය. එම ක්‍රීඩා උලෙළ සිව් දිනක් පුරා බෙලිඅත්ත ඩී.ඒ.රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුණි.
එම ක්‍රීඩා උලෙළේ 14 න් පහළ මීටර් 100 තත්පර 12.2 කින් නිමකර නව තරග වාර්තාවක් පිහිටවූ රශින් මීටර් 80 තත්පර 10.0 කින් නිම කරමින් ද නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එම ක්‍රීඩා උලෙළේ දුර පැනීම ඉසව්වෙන් දෙවැනි ස්ථානය ද ඔහුට හිමිවිය. ඔහු පිළිගැනීම සඳහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිනි ලක්ෂ්මී රත්නායක මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.


(රත්ගම ගාමිණී මහදුර)
 

දින පොත