Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2018 මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගයෙන් කඩුළු මතින් දිවීමේ අවුරැදු 16 න් පහළ මීටර් 100 ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ උමායා යසස්නි රත්නායක සිසුවිය සමත් වූවාය.
නව තරග වාර්තාවක් තබමින් උමායා යසස්නි සිසුවිය ප්‍රථම වතාවට කඩුළු මතින් දිවීමේ තරග ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවකි. 2012 – 2014 වසරවල අප ස්වාමිදූගේ ප්‍රාථමික පාසලේ දක්ෂතම ක්‍රීඩිකාවක් ලෙසින් 2014 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙසද කටයුතු කර ඇත.
2015 දී 5 වසර ශිෂ්‍යත්ව සමත්ව නුවරඑළිය ගාමිණී ජාතික පාසලට ඇතුළත් වූ උමායා යසස්නි රත්නායක 2016 – 2018 කලාපයේ දක්ෂතම ක්‍රීඩිකාවක් ලෙස තේරී පත්වී ඇත. විද්‍යාලයේ අපරදිග තූර්ය වාදක කණ්ඩායම් නායිකාව ලෙසද පාසල් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක ලෙස ද ක්‍රියාකරමින් සිටින්නීය.
නාට්‍ය හා රංග කලාවටත් එකසේ දස්කම් දක්වන උමායා යසස්නි ක්‍රීඩා අංශයේ දී 2018 වසරේ 16 න් පහළ නුවරඑළිය කලාප හා දිස්ත්‍රික්ක මට්ටමේ මීටර් 200 මීටර් 100 දුර පැනීමේ යන තරගවලින් ප්‍රථම ස්ථානය හිමි කරගන්නට සමත්විය.
පාසලේ ක්‍රීඩා භාර ආචාර්ය නුවන් බණ්ඩාර මහතාගේ සහය මත පළපුරැදු ක්‍රීඩකයෙකු හා උපදේශකයෙකු වන චින්තක ජනක බණ්ඩාර නවරත්න මහතාගේ උපදෙස් හා මග පෙන්වීම් මත ඇය පුහුණු කටයුතුවල යෙදෙයි. 
(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.