පානදුර යහපත් එඬේරා කන්‍යාරාමයට මලල ක්‍රීඩා අනුශූරතාවක්
- 2018-12-07 09:39:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළුතර සිරිකුරැස විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවැති 2018 කළුතර කලාප අන්තර් පාසල් මලල ක්‍රීඩා උත්සවයේ අනුශූරතාව පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයට හිමිවිය.
එම විද්‍යාලයේ වයස අවුරැදු 16 න් පහළ දුර පැනීමේ ශූරතාව දිනාගත් එල්.එම්.ශිහාරා සඳමිණී සිල්වයා සිසුවිය දක්ෂතම ළාබාලතම මලල ක්‍රීඩිකාව සම්මානයට පත්වූ අතර (දක්ෂතාව මීටර් 4.67 යි) සාවිත්‍රි සඳමිණී විජේසිංහ ක්‍රීඩිකාව, 16 න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තාය.
වයස අවුරැදු 18 න් පහළ මීටර 400 දිවීමේ තරගයෙන් ද ප්‍රථම ස්ථානය එම විද්‍යාලයේ ජයනී ජෙරල්ඩීෆ් ඇන්ඩ්‍රසන් ශිෂ්‍යාව හිමිකර ගත්තාය.
කළුතර කලාපයේ පැවැති අන්තර් පාසල් කාන්තා මලල ක්‍රීඩා තරග ඉසව් රුසකින්ම කැපී පෙනෙන ජයග්‍රහණ රුසක්ම ලබාගත් පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ දැඩි කැපවීමෙන් කටයුතු කරන ක්‍රීඩා උපදේශක නිමල් ධර්මරත්න හා හර්ෂනී මනෝහාරී සපුතන්ත්‍රී යන ආචාර්ය මහත්ම මහත්මීන් මෙම ජයග්‍රහණයට මුල් වූ බැව් එම විදුහලින් වාර්තා විය.
(වාද්දුව වාර්තාකරැ)
Reply To:
Name - Reply Comment
0 Comments