Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

මාතලේ අධ්‍යාපන කලාපීය 2018 අන්තර් විද්‍යාලයීය මලල ක්‍රීඩා තරගාවලියේදී මෙවර (2018) බාලක සමස්ත මලල ක්‍රීඩා ශුරතාව මාතලේ සාන්ත තෝමස් ජාතික පාසලද, බාලිකා සමස්ත මලල ක්‍රීඩා ශුරතාව මාතලේ සාන්ත තෝමස් බාලිකා විදුහලද හිමිකර ගැනීමට සමත් විය. 
මෙම තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස වයස අවු 20න් පහළ දුරපැනීම තරග ඉසව්වෙන් මීටර් 6.51ක දක්ෂතා දැක්වූ මාතලේ සාන්ත තෝමස් ජාතික පාසලේ තාරක බණ්ඩාර සමරකෝන් සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වයස අවු 20න් පහළ මීටර් 400 තරග ඉසව්වෙන් වි.1 තත්5.9 ක දක්ෂතා දැක්වූ මාතලේ සාන්ත තෝමස් බාලිකා විදුහලේ එම්.ඩී.සදලි අමායා සම්මාන ලැබූහ. 
මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද එස්. යාපා මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ධම්මික හේවාවසම් මහතාගේ අධික්ෂණය යටතේ මාතලේ අධ්‍යාපන කලාපීය ක්‍රීඩා සම්බන්ධිකරණ නිලධාරි දන්ත මාරපන මහතා විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය  අලුවිහාරේ මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි. මෙහිදී බාලක සමස්ත මලල ක්‍රීඩා ශුරතාව ලකුණු 120ක් ලැබු සාන්ත තෝමස් ජාතික පාසලටද, අනුශුරතාව ලකුණු 104ක් ලැබූ මාතලේ හින්දු ජාතික පාසලටද හිමිවිණ. තෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ ලකුණු 33ක් ලැබූ  උකුවෙල අජ්මීර් ජාතික පාසලයි.
බාලිකා සමස්ත මලල ක්‍රීඩා ශුරතාව ලකුණු 94ක් ලැබු මාතලේ සාන්ත තෝමස් බාලිකා විදුහලටද අනුශුරතාව ලකුණු 87ක් ලැබු මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලටද හිමිවිය. තෙවැනි ස්ථානය ලකුණු 30 බැගින් ලබමින් මාතලේ විජය ජාතික පාසල සහ නාගොල්ල සිද්ධාර්ථ මධ්‍ය මහ විදුහල හිමිකර ගත්තේ සම දක්ෂතා දක්වමිනි. 
මෙම තරගාවලියේදී කනිෂ්ඨ බාලක ශුරතාව (ලකුණු 23) සහ බාලිකා ශුරතාව (ලකුණු 23) මාතලේ විජය ජාතික පාසල විසින් හිමිකර ගත් අතර බාලක අනුශූරතාව (ලකුණු 16) මාතලේ සහිරා ජාතික පාසල සහ බාලිකා අනුශුරතාව (ලකුණු 15) මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල හිමිකර ගැනීමට සමත් විය. බාලක තෙවැනි ස්ථානය (ලකුණු 13) මඩවල උල්පත ද්විතියික පාසලටද, බාලිකා තෙවැනි ස්ථානය (ලකුණු 10) බණ්ඩාරපොළ මහ විදුහලටද හිමිවිය.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)    

දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

වයස අවු 12න් පහළ බාලක - ඒ.පි.කේ.අලවත්ත (මාතලේ විජය ජාතික පාසල) 
වයස අවු 12න් පහළ බාලිකා - එම්.එස්.එස්.සාජා (ආමිනා ජාතික පාසල)
වයස අවු 14න් පහළ බාලක - ඒ.ටි.එම්.ඩි.පෙරේරා  (මඩවල උල්පත ද්විතියික පාසල)
වයස අවු 14න් පහළ බාලිකා - ෂාලුනි විහංගනා (විජය ජාතික පාසල)
වයස අවු 16න් පහළ බාලක - ඩබ්.ඉමල්ක දේශාන් (සාන්ත තෝමස් ජාතික පාසල) 
වයස අවු 16න් පහළ බාලිකා - සෙත්මිණි හේවාමුල්ල ( විජය ජාතික පාසල).
වයස අවු 18න් පහළ බාලක - එම්.එම්.සෆ්රාන් දස්තකීර් ( යටවත්ත වීරපරාක්‍රම ම.ම.වි)
වයස අවු 18න් පහළ බාලිකා - චාම්‍යා රඹුක්වැල්ල (සාන්ත තෝමස් බා.වි)
වයස අවු 20න් පහළ බාලක - තාරක බණ්ඩාර සමරකෝන් (සාන්ත තෝමස් ජාතික පාසල)
වයස අවු 20න් පහළ බාලිකා - එම්.ඩී.සඳලි අමායා (සාන්ත තෝමස් බාලිකා විද්‍යාලය) 


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.