මාතලේ අන්තර් විද්‍යාලයීය වොලිබෝල් තරගාවලිය - බාලක ශූරතාව මඩවල උල්පත ද්විතියික පාසලට - බාලිකා ශූරතාව
- 2018-11-26 15:57:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතලේ අධ්‍යාපන කලාපීය 2018 අන්තර් විද්‍යාලයීය වොලිබෝල් තරගාවලියේදී බාලක ශූරතා ද්විත්වයක් හා අනුශුරතාවක් දිනාගනිමින් මඩවල උල්පත ද්විතියික පාසල සහ බාලිකා ශූරතා ද්විත්වයක් දිනාගනිමින් මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල වැඩි දක්ෂතා ද දැක්වීමට සමත්ව ඇත.
බාලිකා ශුරතාවක්, අනුශුරතාවක් සහ තෙවැනි ස්ථානයක් දිනා ගනිමින් පලාපත්වල බුද්ධඝෝෂ මහ විදුහල දැක්වූ දක්ෂතාද කැපීපෙනුණි.
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ධම්මික හේවාවසම් මහතාගේ මග පෙන්වීම යටතේ මාතලේ අධ්‍යාපන කලාපීය ක්‍රීඩා සම්බන්ධිකරණ නිලධාරි දන්ත මාරපන මහතාගේ අධික්ෂණයෙන් මාතලේ අධ්‍යාපන කලාපීය ක්‍රීඩා ගුරැ උපදේශක නිමල් රත්නායක මහතා සංවිධානය කළ මෙම තරගාවලිය මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල් බාලක කණ්ඩායම් 73ක සහ බාලිකා කණ්ඩායම් 54ක සහභාගීත්වයෙන් දින පහක් මුළුල්ලේ අලුවිහාරේ මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි.
මෙහිදි ශුරතා දිනු කණ්ඩායම් ඩබ්.අයි.දේශාන් (16න් පහළ බාලක) පාලිත දිසානායක (18න් පහළ බාලක) උජිත් ප්‍රබෝධන (20න් පහළ බාලක) ලෙවිදුනි අලහකෝන් (16න් පහළ බාලිකා) අයේෂා කුමාරි ඒකනායක (18න් පහළ බාලිකා) සහ පියුමාලි කීර්තිරත්න (20න් පහළ බාලිකා) මෙහෙයවූහ. මෙම තරගාවලියේ අවසන් මහා තරග ආර්.ජි. ගුණතිලක, කෙනඩි වීරසිංහ, එච්.එම් විජයානන්ද, දයාවන්ත කැකුළන්දර සහ නිශ්ශංක ජයසුන්දර යන විනිසුරැවරැ විනිශ්චය කළහ.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments