සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගයේ ජය අම්බලන්ගොඩ ධර්මාශෝකයට - තරගයේ වීරයා නිමේෂ් මෙන්ඩිස් දක්ෂතම පන්දු
- 2019-01-31 16:04:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පැවති 51 වැනි සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගයෙන් කඩලු 6 ක පහසු ජයක් ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී .
ගෙවීගිය අඩසියවසක සුනිල සංග්‍රාම ක්‍රිකට් වංශ කතාවේ මේ ධර්මාශෝක විද්‍යාලය විසින් දේවානන්ද විද්‍යාලයෙන් උදුරාගත් 11 වැනි ජයයි. මීට වසර පහකට පෙර එනම් 2013 වසරේදී ධර්මාශෝක විද්‍යාලය විසින් සිය 10 වැනි ජය වාර්තා කරන ලදී. මේ සුනිල සංග්‍රාම වංශ කතාවේ මේ වනවිටත් දේවානන්ද විද්‍යාලයට හිමිකර ගැනීමට හැකියාව ලැබුෙණ් එකම එක ජයකි. ඒ ද 1963 දීය. තරග 39ක්ම ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.
කඩුල්ල පිටුපස සිට දක්ෂ අයුරින් උඩ පන්දු තුනක් රුකගත් දේවානන්ද විද්‍යාලයේ උප නායක සොහාන් ද ලිවේරා තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසද ඉනිම දෙකේදීම ලකුණු 28 කට ප්‍රතිවාදී කඩලු 6 ක් බිඳ හෙලු ධර්මාශෝක විද්‍යාලයේ ලොහාන් ද සොයිසා දක්ෂතම පන්දු යවන්නා ලෙස ද පළමු ඉනිමේදී දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් ලකුණු 57 ක් ලබාගෙන තරගයේ වැඩිම ලකුණු ලාභියාවූ ධර්මාශෝක විද්‍යාලයේම කවිදු නදීශාන් තරගයේ දක්ෂතම පිතිකරැ ලෙස ද පළමු ඉනිමේදී පන්දුවට පහර දෙමින් ලකුණු 54ක් ද පන්දු යවමින් දෙවැනි ඉනිමේදී ලකුණු 27 කට කඩුලු 4 ක් බිද හෙලු ධර්මාශෝක විද්‍යාලයේ නායක නිමේෂ් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්හ.
( කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments