පානදුර සහ වත්තල ලයිසියම් 13න් පහළ TISSL 2025 තරගාවලියේ සම ශූරයෝ
- 2025-08-25 11:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අන්තර් ජාත්‍යන්තර පාසල් (TISSL) වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් දිනා ගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම සමත් විය.
අයහපත් කාලගුණය හේතුවෙන් 2025 තරගාවලියේදී අයහපත් කාලගුණය නිසා තරගය එක් පිලකට පන්දු වාර 22කට සීමා කළ අතර පානදුර කණ්ඩායමට එකදු පන්දුවකට හෝ මුහුණ දීමට නොහැකි විය.
පානදුර ලයිසියම් කණ්ඩායමට, වත්තල ලයිසියම් කණ්ඩායම සමග සම ශූරතාව හිමි කර ගැනීමට සිදුවිය.
වත්තල ලයිසියම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් වත්තල ලයිසියම් කණ්ඩායම පන්දු වාර 22කදී කඩුලු 9ක් දැවී රැස් කළේ, ලකුණු 77ක් පමණි.
13න් පහළ වත්තල ලයිසියම් කණ්ඩායම පාසල් පළමු පෙළ ක්‍රීඩා කරන අතර පානදුර කණ්ඩායම ක්‍රීඩා කරනුයේ, දෙවැනි පෙළ කණ්ඩායමක් ලෙස ය.
වත්තල කණ්ඩායම වෙනුවෙන් සදිව් දින්හස් ලකුණු 27ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී පානදුර ලයිසියම් කණ්ඩායමේ තෙවින් ද සිල්වා පන්දු වාර 5කදී ලකුණු 13ක් පමණක් ලබා දී කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් විය. සිතුමිණ හීන්දෙනිය සහ යෙනුල පෙරේරා කඩුලු දෙක බැගින් බිඳ හෙළූහ.
තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස පානදුර ලයිසියම් කණ්ඩායමේ ක්‍රිතීෂ් වසීහරන් නම් කෙරුණු අතර පානදුර ලයිසියම් කණ්ඩායමේ සිතුමිණ හීන්දෙනිය තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කර ගත්තේ ය.
Reply To:
Name - Reply Comment
0 Comments