Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇමරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනය පසුගිය දා හබල් අභ්‍යවකාශ දුරේක්ෂයක් උපයෝගී කරගනිමින් බ්‍රහස්පතී ග්‍රහවස්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කරන ලද පරීක්ෂණයකින් පසුව දිලිසෙන ආලෝකයක් මෙන්ම දීප්තිමත් විද්‍යුත් වායුගොලීය සංසිද්ධියක් හේතුකොටගෙන අරුණාලෝකය මුදාහරින එකම ග්‍රහවස්තුව පෘතුවිය පමණක් නොවන බව සොයාගෙන තිබේ.මෙය පෘතුවියේ පවතින අවුරෝරා තීව්‍රතාවයට වඩා දහස් ගුණනකින් වැඩි බව නාසා ආයතනය පවසයි.

මේ සම්බන්ධයෙන් යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ සංයුක්ත වීඩියෝවක පැහැදිළිව දර්ශනය වනුයේ මෙම යෝධ බ්‍රහස්පතී ග්‍රහ වස්තුවේ උත්තරධ්‍රැවයේ දක්නට හැකි නිල්වන් පැහැති ආලෝක වළල්ලක් චලනය වන ආකාරයයි.

මෙම ආලෝක ප්‍රතිබිම්බයෙන් පෙන්නුම් කරනුයේ මේ හා සමාන ප්‍රපංච පෘතුවියේද සිදුවන බවයි. මෙම ආලෝක තරංග උත්පාදනය වනනේ ග්‍රහයාගේ චුම්භක ක්ෂේත්‍රය සමග අවට වායුගෝලයේ ඇතිවන අන්තර් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස යැයි විද්‍යාඥයෝ කියති.

පෘතුවිය අවුරෝරාවය නිපද වන්නේ හිරුගෙන් නිකුත් වෙන ඉහළ ආරෝපණයකින් යුතු පරමාණු අංශු වලින් හටගත් බොහෝ ශක්තිමත් ප්ලාස්මීය කුණාටු වලිනි. මෙම අංශු පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රය දැඩි කම්පනයක් ඇති කරන අතර එය ජෙලි වලට සමාන බව විද්‍යාඥයෝ කියති.

එහෙත් ජුපිටර් ග්‍රහවස්තුවේ මෙම දෑ උත්පාදනය වයන්නේ පරමාණු අංශු ග්‍රහවස්තුවේ ඇති ගිනි කඳු සහිත චන්ද්‍රයන්හිහි ඇතිවන විශාල පිපිරීම් ඉහළට නැඟීමෙන් අති වන සංඝඨක වලිනි. බ්‍රහස්පතී ග්‍රහවස්තුව වටා විශාල ප්‍රමාණයේ චන්ද්‍රයන් හතරක් පවතී. ඒවා ලෝ, යුරෝපා, ගැනිමේඩ් සහ කැලිස්ටෝ නම් වේ. 

 (අශෝක පීරිස් ඕස්ට්‍රේලියාවේ සිට-,lankadeepa)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.