අවිශ්ක හා කුසල්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට තරගාවලි ජය
- 2020-02-27 12:30:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය හේතුවෙන් කොදෙව්වන් සමගින් පැවති එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ දෙරට අතර පැවති දෙවැනි එක්දින තරයෙන් ලකුනු 161 ක ජයක් හිමිකර ගනිමිනිතත මෙම තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිිනූ කොදෙව් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 345 ක් රැස් කළහ. එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 127 ක්ද කුසල් මෙන්ඩිස් ලකුනු 119 ක්ද රැස් කලේය. ශෙල්ඩන් කොට්‍රල් එහිදී කඩුළු 4 ක් දවා ගත්තේය. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 39.1 ක් තුළදී සියල්ලන් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුනු 184 ක් පමණි. කොදෙව් ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූ ෂායි හෝප් ලකුනු 51 ක් රැස් කලේය. කොදෙව් ඉනිම විනාශ කළ වනිදු හසරංග හා ලක්ෂාන් සඳකැන් කඩුළු 3 බැගින් බිද හෙලීය. මේ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙසින් ජයගෙන ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවේ.
ශ්‍රී ලංකාව 345/8 (පන්දුවාර 50)
අවිශ්ක ප්‍රනාන්දු 127(123,4x10),කුසල් මෙන්ඩිස් 119 (119,4x12), තිසර පෙරේරා 36 (25,4x4), ෂෙල්ඩන් කොට්‍රල් 4/67 (පන්දුවාර 10), ඇලසාරි ජෝශප් 3/57 (පන්දුවාර 10)
බ.ඉ.කොදෙව් 184/10 (පන්දුවාර 39.1)
ෂායි හෝල් 51 (65,4x5), නිකලස් පූරාන් 31 (41,4x3), කීමෝ පෝල් 21 (27,4x3), වනිදු හසරංග 3/30 (පන්දුවාර 6), ලක්ෂාන් සදකැන් 3/57 (පන්දුවාර 9.1)
Reply To:
Name - Reply Comment
0 Comments