Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇමරිකානු හිටපු සුපිරි පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් සිය ක්‍රීඩා දිවිය පිළිබද පාපොච්චාරණයක් සිදු කොට ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ තමන් වසර 21ක පමණ කාලයේ පටන් තහනම් උත්තේජක ගැනිමට හුරුවී සිටි බවයි.

ඊ.එස්.පී.එන් වෙබ් අඩවිය සමගින් පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය. එමෙන්ම එය තමන් මුහුණදුන් පිළිකා තත්ත්වයටද හේතුවූ බව හෙතෙම මෙහිදී සදහන් කළේය.

48 හැවිරිදි ආම්ස්ට්‍රෝන්ග් ලොව ඉහළතම පාපැදි සවාරිය වන ප්‍රංශ පාපැදි සවාරිය පිට පිට හත්වරක් (1999-2004) දිනා ගැනීමට සමත්වූයේ එවැනි දස්කමක් දැක්වූ පළමු ක්‍රීඩකයා වෙමිනි. 1996 වර්ෂයේදී වෘෂණ කෝෂ පිළිකාවකට ලක්වූ ආම්ස්ට්‍රෝන්ග් 1998 වර්ෂයෙන් පසුව නැවතත් පිටියට පිවිසි අතර ඔහුගේ සියලුම ප්‍රංශ පාපැදි සවාරියන් ඉන් අනතුරුව ජයග්‍රහණය කිරිම ඔහුගේ ජයග්‍රහණවල වටිනාකම වැඩි කිරීමට හේතුවිය.

අනතුරුව සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව 2013 වර්ෂයේදී ආම්ස්ට්‍රෝන්ග් තහනම් උත්තේජක ලබා ගත් බව ඇමරිකානු තහනම් උත්තේජක පිළිබඳ ඒජන්සිය තහවුරු කළේය. ඒ හේතුවෙන් 1998 වර්ෂයේ පටන් ආම්ස්ට්‍රෝන්ග් ලබාගත් සියළුම ජයග්‍රහණ (ප්‍රංශ පාපැදි ජයග්‍රහණය ඇතුලුව) අවලංගු කිරීමට අන්තර්ජාතික පාපැදි සංගමය තීරණය කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.