Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා යුද හමුදාවේ මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු 2017 වර්ෂයේ ජූලි මස 6 සිට 9 දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත 22 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

පසුගිය දා දියගම පැවති ජාතික මලල ක්‍රීඩා තේරිම් තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වු දක්ෂතාවන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය (AASL) විසින් මෙම තේරීම් කටයුතු සිදු කරන ලදි.

එහිදි දෙවන ලුතිනන් ආර්.පී.බි.අයි. දයාරත්න හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වෙන් මීටර් 82.19 ක දක්ෂතාවක් දක්වමින් ලෝක ශ්‍රේණීගත කිරිම්වලට අනුව (IAAF) 9 වන ස්ථානය හිමිකර ගත් අතර, කාන්තා සෙබල යූ.කේ.එන්. රත්නායක තත්පර 10.03.94 ක් වාර්තා කරමින් මීටර් 3000 කාන්තා බාධක දිවිමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට සමත්වන ලදි. එමෙන්ම, කාන්තා සෙබල එච්.ඩි.වි. ලක්ෂාණි තුම්පිම්ම පැනීමේ කාන්තා ඉසව්වෙන් මීටර් 13.64 ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට සමත් වූ අතර, කෝප්‍රල් එච්.එම්. දිලිප් රුවන් මීටර් 400 පිරිමි ඉසව්වෙන් තත්පර 46.46 ක් වාර්තා කරමින් එහි ප්‍රථම ස්ථානය හිමි කරගනු ලැබීය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය සෑම වසර දෙකකට වරක්ම ආසියානු මලල ක්‍රිඩා සංගමය විසින් සංවිධානය කරනු ලබයි.

SLArmy

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.