Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවති මෙම තරගයේදී ප්‍රබල ජපානය හමුවේ ලකුණු 40-00 ක් ලෙසින් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුවීම ඊට හේතුවයි.

ඊයේ (15) චීනයේ හුයිසු හිදී නිමාවට පත්වූ මෙම තරගාවලිය, පෙරේදා (14දා) ආරම්භ වූ අතර තරගාවලියේ පළමු දිනයේදී වැඩි දස්කම් දැක්වූයේ ශ්‍රී ලංකාවයි. මූලික වටයේ 'ඒ' කාණ්ඩයෙන් තරගාවලියට සහභාගි වූ ඔවුන් සහභාගි වූ තරග දෙකම ජය ගත්තේ ප්‍රබල ද. කොරියාව ලකුණු 28-05ක් හා චීන තායිපේ ලකුණු 26-17ක් ලෙසින් පරාජයට පත් කරමිනි.

කෙසේ වෙතත් දෙවැනි දිනයේදී පැවති මූලික වටයේ තරගයකින් ජපානය හමුවේ ලකුණු 37-00ක් ලෙසින් පරාජයට පත්වීමට ඔවුන්ට සිදුවිය. නමුත් දැක්වූ දක්ෂතා අනුව කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව එහිදී ප්‍රබල හොංකොං හමුවේ ලකුණු 55-00 ක දැවැන්ත පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකාව මෙවර අදියරේදී යම් වර්ධනයක් පෙන්නුම් කළ අතර ද. කොරියාවේදී පැවති පළමු අදියරේදී ඔවුන් හිමිකර ගත්තේ පස්වැනි ස්ථානය (පළඟ ශූරතාව)යි. මෙම තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් අටක් සහභාගි විය.

මෙවර තරගාවලියේ කුසලාන ශූරතාව හිමිකර ගැනීමට හොංකොං කණ්ඩායම සමත් වූයේ කුසලාන අවසන් තරගයේදී තියුණු තරගයකින් පසු සත්කාරක චීනය ලකුණු 14-07 ක් ලෙසින් පරාජයට පත් කරමිනි.

ආසියානු කලාපයේ මෙන්ම ද. කොරියාවේදී පැවැති පළමු අදියරේ ශූරයින් වූ ජපානයට මෙවර කුසලාන ශූරතාව අහිමි වීම විශේෂත්වයක් විය. ඒ කුසලාන අවසන් පූර්ව වටයේදී සත්කාරක චීනය හමුවේ ලකුණු 14-07 ක් ලෙසින් පරාජයට පත්වීම හේතුවෙනි.

තරගාවලියේ තෙවැනි හා අවසන් අදියර එළඹෙන සැප්තැම්බර් 28 හා 29 දෙදින ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.