Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අවසන් මොහොතේදී ඇදහිය නොහැකි සාර්ථකත්වයක් පෙන්වූ ඇෆ්ඝනිස්ථානය 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත්තේය. සිම්බාබ්වේහිදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේ සිකුරාදා (23) පැවැති තරගයකදී අයර්ලන්තය පරාජය කරමින් කඩුලු 5 ක් ජයක් ලබාගැනීමත් සමගම ඇෆ්ඝනිස්ථානය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.

ලබන වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇෆ්ඝනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සුදුසුකම් ලබා තිබේ. අවසන් වරට පැවැති ලෝක  කුසලාන තරගාවලියට සහභාගි වූ ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් මීළඟ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූහ.

ඇෆ්ඝනිස්තානු පිල සුදුසුකම් තේරීමේ තරගාවලියට පිවිසියේ ඉතා පහසුවෙන් තමන්ගේ ඉලක්කය සපුරාගනු ඇතැයි යන වැඩිදෙනාගේ තේරීමෙනි. එහෙත් මූලික වටයේදී ස්කොට්ලන්තය, සිම්බාබ්වේ සහ හොං කොං යන කණ්ඩායම් වලට එරෙහිව පැවැති තරග තුනම පරාජය වූ ඇෆ්ඝනිස්ථානය සුපිරි හය දෙනාගේ වටයට පිවිසියේද නේපාලය විසින් හොං කොං පිල පරාජය කරනු ලැබීම හේතුවෙනි. ඇෆ්ඝනිස්ථානවය සතුව එකම ප්‍රසාද ලකුණක් හෝ නොතිබිණ.

සුපිරි හය දෙනාගේ වටයේදී බටහිර ඉන්දීය කොදෙව්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අයර්ලන්තය පරාජය කිරීමට සමත් වූ ඇෆ්ඝනිස්ථානුවෝ 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්හ.

අයර්ලන්තය හමුවේ ලකුණු 210 ක් හඹා ගිය ඇෆ්ඝනිස්ථානය අවසන් ඕවරයේ පළමු පන්දුවේදී සිය ඉලක්කය කරා අවතීර්ණ විය. ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දකුණතින් පා දඟ පන්දු යවන රෂීඞ් ඛාන් ලකුණු 40 කට කඩුලු 3 ක් දවාගත්තේ පිතිකරුවන්ට වඩාත් පහසු ඉලක්කයක් ඉතිරි කරමිනි.

ඇෆ්ඝනිස්ථානු ආරම්භක පිතිකරු මොහොමඞ් ශෙෂාඞ් පන්දු 50 කින් ලකුණු 54 ක් ලබාගත්තේ ගුල්බාදීන් නබී සමග පළමු කඩුල්ල වෙනුවෙන් ඕවර 16.3 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක්ද ගොඩනඟමිනි. එතැන් සිට ඉතිරි ලකුණු 124 ලබාගැනීම සඳහා කඩුලු 9 ක් මෙන්ම ඕවර 33.4 ක්ද ඉතිරිවී තිබිණ.


අයර්ලන්තය - ඕවර 50 කදී කඩුලු  ක් දැවී 209
(විලියම් පෝටර්ෆීඞ් 20, පෝල් ස්ටර්ලින් 20, ඇන්ඩි බැල්බිරින් 11, නීල් ඕ’බ්‍රයන් 36, සිමී සිං 15, කෙවින් ඕ’බ්‍රයන් 41, ගැරී විල්සන් 11, ඇන්ඩි මැක්බ්‍රයින් නොදැවී 11, දව්ලත් සද්රාන් 54/2, රෂීඞ් ඛාන් 40/3)

ඇෆ්ඝනිස්ථානය - ඕවර 49.1 කදී කඩුලු 5 ක් දැවී 213
(මොහොමඞ් ශෙෂාඞ් 54, ගුල්බාදීන් නයීබ් 45, රමහත් ෂා 12, සමිඋල්ලා ෂින්වරි 27, මොහොමඞ් නබී 12, අස්ගර් ස්ටැනික්සායි නොදැවී 39, නජිබුල්ලා සද්රාන් නොදැවී 17, සිමී සිං 30/3)

 

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.