ඉන්දිකගෙන් පළමු රිදී පදක්කම
- 2018-04-06 14:19:57
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වන අද (6දා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 69 ඉසව්වේ රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක සමත් විය. ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 137 ක් එසවූ ඉන්දික, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 160 ක් එසවීය. ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 297 කි. අවසන් උත්සාහයන් දෙකම (කිලෝ ග්‍රෑම් 163) අසාර්ථක වීම නිසා ඉන්දිකට එම ඉසව්වේ රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදුවූ අතර ඔහුට එහි රන් පදක්කම අහිමිවූයේ කිලෝ ග්‍රෑම් 2 ක අඩුවකිනි. එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට වේල්සයේ ගැරිත් එවන්ස් (කිලෝ ග්‍රෑම් 299) සමත් වූ අතර එහි රිදී පදක්කම ඉන්දියාවේ දීපක් ලතීර් සතුවිය. 
Reply To:
Name - Reply Comment
0 Comments